නම්‍යශීලී කුසලතාව�...

නම්‍යශීලී කුසලතාවය.

  • Youlead|  
  • May 25, 2021

නොබිඳී ඉන්න හේතුවන නම්‍යශීලී කුසලතාවය.  

ජීවිතයේ අපහසු, දුෂ්කර අවස්ථාවන් අපි හැමෝටම වරින් වර උදාවෙනවා. නැත්නම් උදා වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක  වැඩ කිරීමට ඔබට  අවශ්‍ය කරන්නේ  මොනවද කියලා ඔබ කුමන හෝ වෙලාවක හිතලා තියෙනවද? ඔබට හිතාගන්න බැරිතරම් වේගයකින් වෙනස් වන දේවල්, අවස්ථා වලට ඔබ මුහුණ දීලා තියෙනවද? ඔබ එවන් අවස්ථාවලදී බිඳ නොවැටී, එම තත්වයන් හොඳින් කළමනාකරණය කරගනිමින්, ඒවාට සාර්ථකව ඔබ මුහුණ දුන්නද? එහෙම කරගන්න ඔබට පුළුවන් වුණා නම්, එහි අදහස, ජීවිතයේ ඔබට පැමිණෙන විවිධ අවස්ථාවන්ට හොඳින් මුහුණ දීමේ “නම්‍යශීලී කුසලතාව” ඔබ සතුව තිබීමට බොහෝ විට ඉඩකඩ තියෙන බවයි. 

නම්‍යශීලීභාවය (කුසලතාවය) යනු කුමක්ද?

නම්‍යශීලීත්වය කියන්නේ  වෙනස් වෙන්න ඕන තැන්වලට ගැලපෙන ආකාරයට වෙනස් වීමේ හා අනුගත වීමේ හැකියාව. අප අවට ඇති තත්වයන් වෙනස් වෙද්දී, අපිත් ගැලපෙන ආකාරයෙන් වෙනස් වෙනවා නම්, අපිට ඒ වෙනස්වෙන දේවල් ගැන හිතලා මානසිකව ආතතියට පත් නොවී එය මනාව කළමනාකරණය කරගෙන ඉහළින් සිටීමේ හැකියාව ලැබෙනවා. 

නම්‍යශීලී වන්නේ කෙසේද ?

 නම්‍යශීලිත්වය අපේ ජීවිත වලට අවශ්‍ය පුද්ගලික කුසලතාවයක්. එය  අපේ ජීවිත වලට ඉතා සෘජු බලපෑමක් ඇති කරනවා. ඔබට වෙනස්වීම් සමඟ  කටයුතු කරන්න බැරිනම් ඔබ මානසික වශයෙන් රෝගී වෙන්න පටන් ගන්නවා. ඔබ කාර්යාලයක  රැකියාවක් කරනවා නම් ඔබට නිතරම නම්‍යශීලී වෙන්න වෙනවා. ඔබ විවිධ පසුබිම් තලවල පුද්ගලයන් සමඟ කටයුතු කරද්දී දැකලා ඇති, ඒ අයගේ අදහස් එකිනෙකාට වෙනස්. සමහරු හිතන අකාරය, ඔබ හිතන ආකාරයට වඩා ගොඩාක් වෙනස්. ඉතින් ඒ වගේ අය එක්ක වැඩ කරන්න නම් ඔබ නම්‍යශීලී වෙන්නම ඕනේ. අපේ ජීවිතයේ අපහසු කාල වලදී ඒවා හොඳින් කළමනාකරණය කරගන්න නම්, අප සන්සුන්ව, සමබරව දේවල් දකිමින් හා තාර්කිකව කටයුතු කරන්න වෙනවා . එහෙම අවස්ථාවලදී අපි හැඟීම්බර වෙලා වැඩ කරන්න ගියොත්, තීරණ ගන්න ගියොත් හානියක් වෙනවා. අපහසු අවස්ථාවලදී සන්සුන් බව ඉතාම වැදගත්. ඕනෑම දෙයක් සන්සුන්ව හා අන් අයට ඉතා ගෞරවයෙන් සන්නිවේදනය කිරීමට අප ඉගෙන ගත යුතුයි.

අපි වැඩකරන ලෝකය හරිම තරඟකාරියි. ඒ වගේම අභියෝග වලින් පිරිලා.  ඒ නිසා අපිට වැඩකරන පරිසරය තුලදී නිතරම වෙනස්වීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී ඔබ මානසිකව බිඳ වැටෙන්න, පීඩනයට පත්වෙන්න එපා. වෙනස් වන තත්වයන් එක්ක ඔබත් වෙනස් වෙන්න, හැඩගැහෙන්න ඉගෙන ගන්න. ඒක දක්ෂතාවයක්. එතකොට ඔබ බොහොම නම්‍යශීලී අයෙක්. ඒ වගේ අය එක්ක වැඩ කරන්න අනෙක් අයත් හරිම කැමතියි.

ඔබ දැකලා ඇති ඔබේ සමහර යාළුවෝ වෙනස් වෙන්න කැමති නැහැ. තැනට, පරිසරයට, අවස්ථාවට ගැලපෙන විදියට වෙනස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ “ධනාත්මක ආකල්ප” තියෙන අයෙකුට විතරයි. ඉතින් ඔබත් එහෙම වෙන්න. “කළ හැකියි” කියන ආකල්පය, ගැටලු නිරාකරණය කරගනිමින් වැඩ කිරීමේ උනන්දුව හා විවිධ පැතිවලින් ඒ දෙස බලා එය නිරාකරණය කරගැනීමේ හැකියාව, නිර්මාණශීලී බව ඔබ තුල ඇතිකරගන්න. ඒ මඟින් ඔබට වෙනස්වීම්, ප්‍රශ්න ගැන මනා අවබෝධයක් ලබා ගන්නටත් ඉතා හොඳ විසඳුම් සොයාගැනීමටත් ඔබට උපකාරී වෙනවා. 

නම්‍යශීලී බවේ මුලිකාංග :

  • කිසිවිටක ඔබ, ඔබේ මතයේම, අදහස්වලම ඉන්න එපා. විවෘත මනසින් දේවල් දකින්න පුරුදු වෙන්න. ඔබට විවෘත අයෙක් වන්න පුළුවන් නම්, ඔබට මුහුණ දෙන්න සිදුවන  ඕනෑම දෙයක් එක්ක  කටයුතු කිරීම පහසු බව ඔබට පෙනී යාවී. 
  • ඔබට මුහුණ දීමට සිදුවන තත්වයන්ට අනුව හැඩගැසීමේ හැකියාව, අභියෝග ජයගැනීම සඳහා අවශ්‍යම දෙයක්. වෙනස්වීම් ඉදිරියේ වෙනස් නොවී සිටීමෙන් ඔබට කිසිම වාසියක් අත්කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අනුගත වීම හරහා නම් ඔබට බොහෝ වාසි අත්කරගත හැකි වෙනවා. 
  • ඔබට යම් ගැටලුවක් ඇත්නම්, එය විසඳාගන්න. අදාල අය සමඟ ඒ ගැන හොඳින් කතාබහ කරලා, විසඳාගැනීම තමයි වඩාත්ම සුදුසු. ඒ සඳහා ඔබේ සන්නිවේදන හා ගැටලු නිරාකරණය කිරීමේ කුසලතා ඔන්න දැන් පාවිච්චි කරන්න. කුමන වෙලාවකවත් එකිනෙකා අතර තියෙන සබඳතා දුර්වල වන ආකාරයට වැඩ කරන්න එපා. 
  • පීඩනයක් යටතේ වැඩ කරන්න හා එය දරාගන්න පුරුදු වෙන්න. එවිට ආයතනික ඉලක්ක (හෝ ඔබේ පුද්ගලික අරමුණු පවා) ඔබේ අතින් ගිලිහෙන්නේ නැතිව, ඒවා ඉටුකරගන්න හැකියාව ලැබෙනවා.  
  • අන් අය සමඟ කතාබහ කිරීම හා ඔවුන්ගේ අදහස් වලට ද සවන් දීම මඟින්, ඔබට වඩාත් හොඳ සාමූහික විසඳුම් සොයාගන්න පුළුවන්. 
  • වඩාත්ම වැදගත් දෙය නම්, නිතරම අලුත් දේවල් ඉගෙන ගැනීමට ඔබ තුල ඇති කැමැත්ත. ඉගෙනීමට ඇති හැකියාව අපගේ ජීවිතයේ ඕනෑම අවධියක අපට හොඳ ස්ථාවරත්වයක් ලබා දෙන කුසලතාවයක්.
  • විශ්වාසයෙන් හා ධනාත්මකව සිටින්න.
  • වැඩ අන් අය සමඟ බෙදා හදාගන්න. නිසි පරිදි අන් අයට පවරන්න. අන්තිම මොහොත වෙනකම්   ඔක්කොම බදාගෙන ඉන්න එපා. එවිට අදාල වෙලාවට කටයුතු නිම කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.
  • කාලය නාස්තිය අවම කිරීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට උපකාරී වන මෘදුකාංග භාවිතා කරන්න.

 

වෙනස්වන තත්වයන් හමුවේ වෙනස් වීමේ හැකියාව අපේ පැවැත්ම තහවුරු කරගන්න අවශ්‍ය වැදගත්ම කුසලතාවයක්. වෙනස්වන තැන්වල අවස්ථා තියෙනවා. ඉන් අවස්ථා උදාකරගන්න පුළුවන් වෙන්නේ, වෙනස් වෙන්න කැමති අයට පමණයි. ඔබත් නම්‍යශීලී කුසලතාවය ඇති අයෙක් වෙන්න. මහා රූස්ස ගස් සුළඟ ඉදිරියේ ඇද වැටෙද්දී – බට පැඳුරු නොවැටී සිටින්නේ අපි මේ කතාකරන නම්‍යශීලී බව නිසා.

 

 

 

මෙහි අන්තර්ගතය පිළබඳව සම්පූර්ණ වගකීම නිර්මාතෘවරුන් විසින් දරනු ලබන අතර USAID හෝ එක්සත් ජනපද රජය, යුරෝපා සංගමය හෝ සංවර්ධන හා සහයෝගීතාවය පිළිබඳව ස්විස් නියෝජිතායතනයේ අදහස් හෝ මතයන් ඒ තුළ පිළිබිඹු නොවේ.

නවතම තොරතුරු

වෘත්තීය පෞරුෂත්වය

Read more

තාක්ෂණ සාක්ෂරතාවය

Read more

සාමූහිකත්ව/කණ්ඩායමක් ලෙස වැ...

Read more

සමාජ කුසලතා

Read more

සමාජ වගකීම

Read more

වෘත්තීයභාවය.

Read more

ඵලදායීතාවය

Read more

ගැටලු විසඳීම

Read more

මාධ්‍යය සාක්ෂරතාව

Read more

මූල්‍ය සාක්ෂරතාවය

Read more

අප හා සම්බන්ධ වන්න