YouLead අපි ඔබට
සහය වන්නේ කෙසේද?

YouLead අපි කවුද?

YouLead අපි කවුද?

YouLead යනු ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වැඩසටහනක් වන අතර එය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමරිකානු එක්සත් ජනපද නියෝජිත ආයතනය වන USAID සහ සංවර්ධන හා සහයෝගීතාව පිලිබඳ ස්විස් නියෝජිත ආයතනය SDC, IESC විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩි දියුණු කිරීම තුළින් වඩාත් නිපුණතා සහිත ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා සිසුන් ගුරුවරුන්, ආයතන සහ ව්‍යවසායකයින්ට අවශ්‍ය කරන ශක්තිය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍යය කරන සහයෝගය දැක්වීම සිදු කිරීමෙන් වඩාත් ඵලදායී වෘත්තීන් සමග සහ සම්බන්ධ වන තරුණ තරුණියන් පිරිසක් ගොඩනැගීමේ අරමුණ සහිතව ක්‍රියාත්මකවන ආයතනයකි.

අපි කරන්නේ මොනවාද?

අපි කරන්නේ මොනවාද?

සිසුන් සඳහා:

  • වෙළඳපල විසින් ඉල්ලා සිටින වෘත්තීය කුසලතා පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම.
  • ලෝක මට්ටමේ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා නායකත්වය ගැනීම සඳහා පෞද්ගලික අංශය සමඟ හවුල් වීම.
  • ජීවිත කාලය පුරාම රැකියා සඳහා කුසලතා පදනමක් දැමීම.
  • වෘත්තීය උපදේශකයින් පුහුණු කිරීම සහ වඩා හොඳ වෘත්තීය තීරණ ගැනීමට තරුණයින්ට අවශ්‍යය මෙවලම් ඔවුන්ට ලබා දීම.

ගුරුවරුන් සඳහා:

  • වඩා හොඳ විෂයමාලා සංවර්ධනය කිරීම.
  • පුහුණුකරුවන් පුහුණුව – ඉගැන්විය යුත්තේ කුමක් ද යන්න පමණක් නොව, ඉගැන්විය යුතු ආකාරය ද වේ.
  • ආධුනිකත්ව පුහුණුව සහ රැකියා ස්ථානයේ පුහුණුව දිරිමත් කිරීම.
  • ශ්‍රී ලංකාවේ වෘත්තීය ආයතන සහ සේවා ස්ථාන පුහුණු මධ්යස්ථානවල තිරසාර ධාරිතාවයක් ගොඩනැගීම.

ව්‍යවසායකයින් සඳහා:

  • තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යාමේ කුසලතා ලබා දීම.
  • නව ව්‍යවසායන් පෝෂණය කරන ඇතුළත් ත්වරණකාරක තැනීමට උදව් කිරීම.
  • ව්‍යවසායකයින් සඳහා උපදේශකයින් සහ පුහුණුකරුවන් සැපයීම.
  • තරුණයින් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සඳහා ණය ලබා දීම සඳහා ණය නිලධාරීන් පුහුණු කිරීම.

ඇයි Youlead එය කරන්නේ

ඇයි Youlead එය කරන්නේ

දැනට පවතින ඉල්ලුමක් සහිත රැකියාවන්

  • සංචාරක කර්මාන්තයේ අතිරේක රැකියා 300,000 ක් නිර්මාණය වනු ඇති බව SLTDA ආයතනය විසින් ගණන් බලා තිබේ.
  • ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා 400,000 ක් බලාපොරොත්තු විය හැකි අතර  ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් එය තරවුරුකොට තිබේ.

වෘත්තීය නිපුණතාවක් නොමැති ශ්‍රම බලකාය

  • වර්තමාන ශ්‍රම වෙළඳපොළේ නිපුණ ශ්‍රම ලබා ගැනීමේ හැකියාව ඉහල මට්ටමක පවතින අතර සහ ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමකියන් නොමැති වීමත්, එම ශ්‍රමිකයන් පවතින රැකියා වෙළඳපොළ තුල නොගැලපීමක් නිසා ඒ  අතර විශාල පරතරයක් දක්නට ඇත.
  • තරුණ තරුණියන් 250,000 කට වැඩි සංඛ්‍යාවක් දැනට රැකියා විරහිත බව කම්කරු බලකා සමීක්ෂණය 2016 දී තහවුරු වී ඇත.

පුහුණු ශ්‍රමය සැපයීමට සහාය වීම

  • වෘත්තීය පුහුණුව (GDST) තුළින් අනාගත කර්මාන්ත වලට අදාළ හා අලෙවි කළ හැකි වෘත්තීය කුසලතා සහිත පුද්ගලයින් මිලියන 1.5 ක් රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් පුහුණු කර ඇත.
  • වැඩ කරන වයසේ කාන්තාවන්ගෙන් 66% ක් ශ්‍රම බලකායේ නොමැත.

තරඟකාරී ආර්ථිකයක් තුළ කර්මාන්තයට අදාළ කුසලතා සමඟ අනාගත ලොව වෙනුවෙන් තරුණයින් සවිබල ගැන්වන අනාගතයක් නිර්මාණය කිරීමට Youlead ආයතනය පෞද්ගලික අංශය සහ රජය සමඟ කටයුතු කරයි.

අප හා සම්බන්ධ වන්න