ඔබේ වෘත්තීය ජීවිතය
සාර්ථක කරගන්න

ඔබට ගැලපෙනම වෘත්තීය තෝරාගන්න

මට සොයාගැනීමට අවශ්‍ය

මගේ සැබෑ හැකියාවන්

ඔබට ගැලපෙනම වෘත්තීය සොයාගන්නා ආකාරය.

වැඩි විස්තර

මට ගැලපෙනම රැකියාව සොයාගැනීමට අවශ්‍යයි

රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා

ඉදිකිරීම්

රටේ ආර්ථිකයේ විශාලතම අංගවලින් එකක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙරට තුළ සීඝ්‍ර දියුණුවක් ලබමින් පවතින ක්ෂේත්‍රයකි.

Read more

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යනු ධනය සහ සෞභාග්‍ය ලොව පුරා බෙදා හරින ක්ෂේත්‍රය ලෙස හැඳින්විය හැක.

Read more

සංචාරක ක්ෂේත්‍රය

සංචාරක ක්ෂේත්‍රය සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත්ම වැදගත් දායකත්වයක් සපයයි.

Read more

ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිකිරීම් ක්ෂේත්‍රය

රටේ ආර්ථිකයේ විශාලතම අංගවලින් එකක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙරට තුළ සීඝ්‍ර දියුණුවක් ලබමින් පවතින ක්ෂේත්‍රයකි. කලාපීය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යන ගමනේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යය භාර්යය ඉතා විශාල ය.

ඉදිකිරීම් කර්මාන්තය ප්‍රධාන කොටස් පහකින් සමන්විත වේ.
අ) ගොඩනැගිලි
ආ) මාර්ග සහ දුම්රිය
ඇ) උපයෝගීතා ව්‍යාපෘති
ඈ) වෙනත් සිවිල් ඉන්ජිනේරු ව්‍යාපෘති, විදුලිය සහ නල ජලය
ඉ) වෙනත් ඉදිකිරීම්

ඉදිකිරීම් ක්ෂේත්‍රය යනු ශිල්පීය අංශ, වෘත්තීය සහ කළමනාකරන අංශ, නුපුහුණු සේවක අංශ, යාන්ත්‍රික සහ ක්‍රියාකරුවන් යන වෘත්තීය අංශ හතර ආවරණය කරමින් සිය ගණනකට ආසන්න රැකියා අංශ ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන ක්ෂේත්‍රයකි.

ශිල්පීය අංශය (39%)
වෘත්තීය සහ කළමනාකරණ අංශය (34%)
නුපුහුණු සේවක අංශය (20%)
යාන්ත්‍රික සහ ක්‍රියාකරුවන් අංශය (7%)
වන පරිදි එම ක්ෂේත්‍රයන් ආවරණය කරනු ලබයි.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යනු ධනය සහ සෞභාග්‍ය ලොව පුරා බෙදා හරින ක්ෂේත්‍රය ලෙස හැඳින්විය හැක. එය ගෝලීය ආර්ථිකයේ වැදගත් ම සංධිස්තානය බවට මේ වනවිට පත්වී ඇත.

නව රැකියා උත්පාදනය, විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම, නව ආයෝජන අවස්ථා මෙරටට ලඟා කරවීම සහ නව නිර්මාණ මෙරට තුළ බිහි කිරීම වැනි අංශ ඔස්සෙ රටේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් දක්වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිකරන ක්ෂේත්‍රයකි.

සේවා සැපයුම් අංශයේ විශාල වර්ධන වේගයක් සනිටුහන් කරමින්, විදුලි සංදේශ, පරිඝනක සහ තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ අංශය 2018 වර්ශයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 995 ක ආර්ථික ඉපැයීම ලබාදුන් බවට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක අංශය පිළිබඳව අපි ඉක්මනින් විමසා බලමු

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

අ) 2017 දී දළ දේශීය නිෂ්පාදිතයේ සංචාරක හා සංචාරක ව්‍යාපාරයේ සෘජු දායකත්වය රු. 687.4 බිලියන (දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%) විය. මෙය 2018 දී රු. 722.1 බිලියන දක්වා 5.1% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත

ආ) මෙය මූලික වශයෙන් පිළිබිඹු කරන්නේ හෝටල්, සංචාරක නියෝජිතයින්, ගුවන් සමාගම් සහ වෙනත් මගී ප්‍රවාහනය වැනි කර්මාන්ත විසින් ජනනය කරන ලද ආර්ථික ක්‍රියාකාරකම්ය.

ඇ) දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක හා සංචාරක සෘජු දායකත්වය 2028 වන විට 5.7% කින් රු. 1,260.1 බිලියන (දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7%) දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. (යොමුව ශ්‍රී ලංකාවෙ WTTC)

ඈ) ශ්‍රී ලංකාව සඳහා විදේශ විනිමය ආදායම උපයන 3 වන විශාලතම සංචාරක ව්‍යාපාරයයි. සැබෑ අගය එකතු කිරීම සැලකිල්ලට ගතහොත් සංචාරක ව්‍යාපාරය අංක 1 විය යුතුය.

ඔබේ හැකියාවන් වැඩි දියුණු කරගන්න

ඔබේ කුසලතා වැඩි දියුණු කරන්න

ඔබගේ වර්තමාන රැකියාවෙන් ඉදිරියට යාමට ඉගෙනීම ආරම්භ කරන්න

ඉගෙන ගැනීම ආරම්භ කරන්න

වෘත්තීය උපදේශනය ලබා ගැනීම සඳහා ඔබට සමීපතම වෘත්තීය උපදේශකයා සොයාගන්න

    අප හා සම්බන්ධ වන්න