වෘත්තීමය භාවයයි අද දවසේ නිපුණත්වය; වෘත්තීමය භාවය කියන්නෙ ඔයා රැකියාවේ යෙදෙන ආකාරයයි.ඔයා හැසිරෙන්නේ කාර්යයාලයකට සුදුසු ආකාරයටද, ඔයා වෙලාවට වැඩ පටන් ගන්න කෙනෙක් ද, අනිත් අයට ආචාරශීලී වීම සහ අනෙත් අයගේ කාලයට ගරු කිරිම ඔයා කරනවද කියන එක කල්පනා කරලා බලන්න. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ඔයා වෘත්තීයභාවයකින් තොර උනොත් ඒක ඔයාගෙ හැම හැසිරීමකින්ම පෙනෙන්නට ගන්නවා වගේම ඔයාට නරක විදියට බලපාන්නත් පුලුවන්.ඒ නිසා කාර්යයාලයේදී නිතරම වෘත්තීයභාවයකින් කටයුතු කිරීම ඔයාගෙ දියුණුවට හේතු වෙනවා NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව වෘත්තීයභාවයට පත්වීම හරිම ලේසියි. ඔබේ තනතුර කුමක් වුවත් පිළිවෙලට, පිරිසිදුවට ඇඳුම් ඇඳීම,රැකියා ස්ථානයට නොගැලපෙන විලාසිතාවන් බැහැර කිරීම. NEXT     දෙවනුව ඔයාට අවශ්‍ය දේ තබාගෙන අනෙත් සියලු දේ ඉවත් කරනන්න.ඔයාට නිම කරන්නට ඇති කටයුතු පොතක සටහන් කර ගන්න පුරුදුවෙන්න. ඔයාට කිසිම දෙයක් මග හැරෙන එකක් නෑ. මේ දේවල් වලින් ඔයාට පුලුවන් ඔයාගෙ වෘත්තීමයභාවය වැඩි කරන්න. තෙවනුව විශ්වාසදායක අයෙකු වීම, පැවරූකටයුතු නිසි වෙලාවට නිමාකිරීම,ඒමගින් අන් අය අතර ඔබ "පොරොන්දු ඉටු කරනා විශ්වාස කල හැකි අයෙක්" බවට පත් වෙන්නට ඔයාට කරන්නට පුලුවන් පහසුම දෙයක්. වෘත්තීමය භාවයයි අද දවසේ නිපුණත්වය; වෘත්තීමය භාවය කියන්නෙ ඔයා රැකියාවේ යෙදෙන ආකාරයයි.ඔයා හැසිරෙන්නේ කාර්යයාලයකට සුදුසු ආකාරයටද, ඔයා වෙලාවට වැඩ පටන් ගන්න කෙනෙක් ද, අනිත් අයට ආචාරශීලී වීම සහ අනෙත් අයගේ කාලයට ගරු කිරිම ඔයා කරනවද කියන එක කල්පනා කරලා බලන්න. NEXT    

SKILLS

COLLABORATION

07/15/2020

COMMUNICATION & PRESENTATION

07/16/2020

CREATIVITY

07/17/2020

CRITICAL THINKING

07/18/2020

DIVERSITY

07/19/2020

FINANCIAL LITERACY

07/20/2020

FLEXIBILITY

07/21/2020

INFORMATION LITERACY

07/22/2020

INITIATIVE

07/23/2020

INNOVATION

07/24/2020

LEADERSHIP

07/25/2020

LIFELONG LEARNING

07/26/2020

MEDIA LITERACY

07/27/2020

PROBLEM SOLVING

07/28/2020

PRODUCTIVITY

07/29/2020

PROFESSIONALISM

07/30/2020

SOCIAL RESPOSIBILITY

07/31/2020

SOCIAL SKILLS

08/01/2020

TEAM WORK

08/02/2020

TECHNOLOGY LITERACY

08/03/2020

VOCATIONAL PERSONALITY

08/04/2020

සහයෝගීතාවයයි අද දවසේ නිපුණතාවය සහයෝගීතාවය කියන්නේ ඔබ හෝ ඔබේ කණ්ඩායම වෙනුවෙන් ඔබ තබා ඇති ඉලක්කයක් සපුරා ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සමඟ එක්ව වැඩ කිරීමේ කලාවයි, නැතිනම් හැකියාවයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ආයතනයක රැකියාවට යද්දි පිරිසක් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙනවා. එතකොට තමයි ඉතා ලොකු රාජකරියක් ඉක්මනින් ඵලදායීව කරන්න පුළුවන් වෙන්නේ හිතන්න ඔබ ව්‍යවසායකයෙක් වෙනවා කියලා, ඔබට විවිධ පුද්ගලයන් හා ආයතන සමඟ විවිධ කටයුතු කරන්න වෙනවා. සහයෝගීතාවය තමා ඔයාගේ සාර්ථක ව්‍යාපාරයේ එක රහසක් වෙන්නේ NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව ඔබේ අරමුණු සහ අපේක්ෂිත ප්‍රතිඵල ඔබ මුලින් හඳුනාගෙන එය කණ්ඩායම සමඟ බෙදා ගන්න. කළ යුතු දේ කිරීමට ඔබ සැලසුම් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කර තීරණය කරන්න. තෙවනුව ඔබේ ක්‍රියාකාරී සැලැස්මේ කුමන අයිතමය (වැඩ කොටස) කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන්න. NEXT     දෙවනුව සහයෝගීතාවයයි අද දවසේ නිපුණතාවය සහයෝගීතාවය කියන්නේ ඔබ හෝ ඔබේ කණ්ඩායම වෙනුවෙන් ඔබ තබා ඇති ඉලක්කයක් සපුරා ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සමඟ එක්ව වැඩ කිරීමේ කලාවයි, නැතිනම් හැකියාවයි. NEXT    

සන්නිවේදනයයි අද දවසේ නිපුණතාවය; සන්නිවේදනය කියන්නේ අප යම් පණිවිඩයක් වාචිකව, ලිඛිතව, සංකේත හෝ අභිනයෙන්(හැසිරීම්) තවත් පුද්ගලයෙකුට හෝ පිරිසකට ලබාදීමයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? අදවන විට ව්‍යාපරික ලෝකයේ සන්නිවේදන මාර්ගයක් ලෙස "ඉදිරිපත්කිරීම් (presentation)" නිතර භාවිතාවෙනවා. presentation මගින් ඉතාමත් සංකීර්ණ තොරතුරු ඉතා සරළව කෙටිව ආකර්ෂණීයව ඉදිරිපත් කරන්නට පුළුවන් කම ලැබෙනවා. ඒක දක්ෂතාවයක්. සන්නිවේදනය කිරීමේදී, අපි පණිවිඩයක් තේරුම් ගන්නාවිට ඒම පණිවිඩය අපගේ සංස්කෘතික අද්දැකීම්වලට සාපේක්ෂව සිදුවන නිසා සන්නිවෙදනයේදී අපගේ වගේම අනෙක් පාර්ෂවයේ සංස්කෘතික පසුබිම අව‌බෝධය ඉතාම වැදගත් වෙනවා. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුවෙන්ම වැඩ පරිසරයක් තුල සාර්ථක සන්නිවේදකයෙක් වීමට ඔබ ඉදිරිපත්කිරීමක් කරන විට පණිවිඩයේ පැහැදිලිබව ඉතාම වැදගත්. දෙවනුව අනවශ්‍ය දේවල් වලින් නැතිව ඉතා කෙටිව කරුණු ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. මෙතනදී පණිවිඩය සංනිවේදනය කරන්නේ මොන මාද්‍යයෙන්ද යන්න තීරණය කිරීම ඉතා වැදගත්. මතක තියා ගන්න සමහරවිට වචන සීයයකින් කියන්න බැරි දේ එක පුංචිම පුංචි රූපයකින්,රූප සටහනකින් ඉදිරිපත් කරන්න පුළුවන්. NEXT     What is communication and presentation? Skill of the day; Communication is the way we convey a message to another person through our speech, written words, signs, and behavior. Presentations make it easy to ‘present’ or show complex information in small bite-sized chunks. NEXT    

නිර්මාණශීලීත්වයයි අද දවසේ නිපුණතාවය ; නිර්මාණශීලීත්වය කියන්නෙ අපේ පරිකල්පන ශක්තිය සහ සිතුවිලි භාවිතා කරමින් කරන අලුත් දෙයක්. ඒක කලාත්මක දෙයක්, ගීතයක් බිහි කිරීමෙ ඉඳලා ආයතනයක ගැටලුවකට අලුත් විසඳුමක් ලබාදීම, නවෝත්පාදනයක් (Innovation) බිහිකිරීම,වෙනස් ආකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වගේ ඕනෙම දෙයක් වෙන්න පුලුවන්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? හිතන්න, ඔයා රැකියාව කරන තැන ඇතිවෙන රාජකාරීමය ගැටලුවකට ඔයා ඉදිරිපත් කරන විසඳුම අනිත් අයට නොහිතෙන දෙයක්, අදහසක් නම් ඒ සිතිවිල්ල නිර්මාණශීලී දෙයක්. පුද්ගලයන් සමග, සමාජයේ වැඩ කරනගෙන යනකොට මේ නිර්මාණශීලීත්වය ගොඩක් වැදගත් වෙනවා. හිතන්න, ඔයා රැකියාව කරන තැන ඇතිවෙන රාජකාරීමය ගැටලුවකට ඔයා ඉදිරිපත් කරන විසඳුම අනිත් අයට නොහිතෙන දෙයක්, අදහසක් නම් ඒ සිතිවිල්ල නිර්මාණශීලී දෙයක්. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? නිර්මාණශීලිත්වය කියන්නෙ ඉගැන්වීමට පහසු දෙයක් නෙවෙයි. අලුත් විදියට හිතන එක, යම් දෙයක අලුත් සම්භන්ධතාවයක් දැකීමේ හෝ නව දෘෂ්ටි කෝනයකින් යමක් තේරුම් ගැනීමේ හැකියාව, අපි English වලින් කියන්නෙ Think out of the box කියලා, මේ කියන්නෙ ඒක ගැන. ඉතින් මේ නිර්මාණශීලීත්වය වැඩි දියුනු කර ගන්න ඔයාට නිවැරදි ප්‍රශ්න ඇසීමේ හැකියාව, නව අදහස් වලට ඔයා තුල තියෙන විවෘත බව ගොඩක් උපකාරී වෙනවා. NEXT     මෙන්න මේ කරුණු තුලින් ඔයාට පුලුවන් ඔයාගේ විෂය පථය තුල නිර්මාණශීලී අයෙක් වෙන්න. What is creativity? Skill of the day; Creativity is how we use our imagination or thoughts to create something that speaks to others. It is not easy to define, and can include anything from an art piece to creatively solving a problem. NEXT    

විචාරශීලීව සිතීමයි අද දවසේ නිපුණතාවය ; "විචාරශීලීව සිතීම" මේක බැලූ බැල්මටම සංකීර්ණ වචනයක් වගේ තිබුනට අපිට මේක හරිම සරලව පැහැදිලි කරගන්න පුලුවන්. විචාරශීලීව හිතනවා කියන්නෙ කුමක් හෝ ගැටලුවක් ,ප්‍රශ්නයක් දිහා පුදිගලිකත්වය සම්බන්ධ කර ගන්නේ නැතිව, එම ගැටලුව විවිධ පැතිකඩ ඔස්සේ බලමින් විග්‍රහ කරගැනීමේ හා නිවැරදි විනිශ්චයන්ට එලඹීමට තියෙන හැකියාවටයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? විචාරශීලීව හිතනවා කියන දේ ගණිත ගැටලුවකට උත්තර හොයන්වා වගේ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මොකද මෙතනදී අපිට තාර්කිකව,Technical විදියට, හැඟීම් අතැරලාදාලා හිතන්නට බැහැ. ගැටලුවක් දිහා විවිධ පැතිකඩ ඔස්සේ බලලා එහි තිබෙන විවිධ සබඳතාවයන් හදුනාගනිමින් විශ්ලේෂනාත්මකව හිත මෙහෙයවමින් ගැටළු විසදීමක් තමයි මෙතනදි අපි කරන්නෙ. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? ප්‍රශ්න ඇසීම මෙතනදී අවශ්‍යම කුසලතාවයක්. පළමුව "කවුද,කුමක්,කවදා,කොතනදී,කුමක් සඳහා සහ කෙසේද යන ප්‍රශ්න පහ ඇසීමෙන් ඔබට විචාරශීලීව සිතීමට ආරම්භයක් ගන්නට පුලුවන්.මේ ප්‍රශ්න ඇසීමෙන් “සිදුවෙමින් පවතින්නේ , විය හැක්කේ” මොන වගේ දෙයක් ද කියන එක ගැන දළ අදහසක් ඇති කර ගන්න පුලුවන්. පසුව ඔබ ගන්නා තිරණය හෝ අදහස තවත් කෙනෙකුට කියන්නට වෙන දෙයක් නම්, එයින් අනික් පුද්ගලයා සිතන්නෙ මොනවාද,මොන ආකාරයේ ප්‍රතිප්‍රශනයක් යොමු කරයිද,ඒ සඳහා දිය යුතු වන්නෙ මොන ආකාරයේ උත්තරයක් ද, ගැටලුකාරී තත්වයක් ඇති වෙයිද කියන තත්වයකන් එක්ක හැම පැත්තක් ගැනම සිතා බලා අවශ්‍යම ලෙස කටයුතු කිරීම තමයි විචාරශීලීව හිතනවා කියන්නෙ. NEXT     මේ වගේ හිතන කෙනෙක් ආයතනයක ගැටලු නිරාකරණයට බොහොම වටිනා පුද්ගලයෙක් වෙනවා. විචාරශීලීව සිතීමයි අද දවසේ නිපුණතාවය ; "විචාරශීලීව සිතීම" මේක බැලූ බැල්මටම සංකීර්ණ වචනයක් වගේ තිබුනට අපිට මේක හරිම සරලව පැහැදිලි කරගන්න පුලුවන්. විචාරශීලීව හිතනවා කියන්නෙ කුමක් හෝ ගැටලුවක් ,ප්‍රශ්නයක් දිහා පුදිගලිකත්වය සම්බන්ධ කර ගන්නේ නැතිව, එම ගැටලුව විවිධ පැතිකඩ ඔස්සේ බලමින් විග්‍රහ කරගැනීමේ හා නිවැරදි විනිශ්චයන්ට එලඹීමට තියෙන හැකියාවටයි. NEXT    

විවිධත්වයයි අද දවසේ නිපුණත්වය; විවිධත්වය කියන්නේ එක එක පුද්ගලයින්ගෙ අදහස්, පසුබිම, ජාතිය, සංස්කෘතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත නිර්මාණය වෙලා තියෙන දෙයක්. ඔබ විවිධත්වයකින් යුතු කණ්ඩායමක් සමඟ වැඩ කරද්දී ඔබේ දැනුම දියුණු කරගන්නවා වගේම එකිනෙකා ගැන දැනිමක් ඇති කරගැනීමද වැදගත් වෙනවා. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? හිතන්න, NEXT     විවිධත්වයෙන් යුතු කණ්ඩායමක් එක්ක වැඩ කරන්කොට ඒ දායකත්ව තුලින් ඔයාගේ නිෂ්පාදන හෝ සේවාවන් වඩා ගුනාත්මක සේවාවක් බවට පත් කරගන්න ඔයාට පුළුවන් ඔයා කණ්ඩායම් රැස්වීමක, නිෂ්පාදන සාකච්චාවක, ඉන්න ගමන් ඔයාට මගහැරෙන පුංචි දෙයක් මේ විවිධත්වයෙන් යුතු කණ්ඩායම ඇතුලෙ මග නොහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව; ඔබගේ කණ්ඩායම ඇතුලත ව්විධ ආගම් සංස්කෘතීන් ගෙන් විව්ධ පිරිසක් එකතු කරගන්නවා වගේම කාන්තා නියෝජනයන් සහ ලිංගික සංක්‍රාතීන් වලට එකතු උන පිරිසක් එකතු කරගැනීමෙන් ගොඩක් ලොකු විවිධත්වයකින් පිරුනු කණ්ඩායමක් එකතු කරගන්න පුලුවන් කමක් තිබෙනවා දෙවනුව; එකිනෙකාට අදහස් හුවමාරු කරගන්න පුළුවන් වන විදියට පරිසරය නිර්මාණය කරන එක වැදගත් වෙනවා. අදහස් ප්‍රකාශ කරද්දී නව අදහස් වලට අවස්ථාවන් දෙන්න තෙවනුව ; පසුව ඔබ ගන්නා තිරණය හෝ අදහස තවත් කෙනෙකුට කියන්නට වෙන දෙයක් නම්, එයින් අනික් පුද්ගලයා සිතන්නෙ මොනවාද,මොන ආකාරයේ ප්‍රතිප්‍රශනයක් යොමු කරයිද,ඒ සඳහා දිය යුතු වන්නෙ මොන ආකාරයේ උත්තරයක් ද, ගැටලුකාරී තත්වයක් ඇති වෙයිද කියන තත්වයකන් එක්ක හැම පැත්තක් ගැනම සිතා බලා අවශ්‍යම ලෙස කටයුතු කිරීම තමයි විචාරශීලීව හිතනවා කියන්නෙ. NEXT     තවත් වෙනස් විදියට හිතන්නට දිරි ගන්වන්න, අගය කරන්න!

මූල්‍ය සාක්ෂරතාවයයි අද දවසේ නිපුණතාවය; ඔයාගේ ආදායමට ගැලපෙන ලෙස වියදම් සකසාගැනීම, ආනාගත ඉතුරුම් හා ආයෝජනඉලක්ක වලට දිගුකාලීන සැලසුමක් සකසා ගැනීම, ආදී ඔයාට එදිනෙදා වැදගත් කරුණු එයට අයත් වෙනවා. ඒ වගේම ඔයාගේ අදායම් මාර්ග හා වියදම් රටාවන් හඳුනාගැනීම, ඉතුරුම් හා ආයෝජන මගින් මුදල් වැඩි වර්ධනය කරගැනීමට හා මූල්‍යමය වශයෙන් ස්ථාවර කෙනෙක් වෙන්න අවශ්‍ය තීරණ ගන්න මූල්‍ය සාක්ෂරතාවය තියෙන්නම ඕනේ. NEXT     මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ ඔබේ මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා දැන ගැනීමයි. මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? හිතන්න ඔයාගේ පෞද්ගලික ජීවිතයේ හරි, ව්‍යවසායකයෙක් විදිහට හරි එහෙම නැත්තම් ඔයා වැඩ කරන ආයතනයේ හරි මූල්‍ය තත්වය යහපත් විදිහට පරිපාලනය කරන්න හොද අය-වැයක් පවත්වාගෙන යන්න ඔයාට මූල්‍ය සාක්ෂරතාවය තියෙන්නම ඕනේ. ඒ වගේම තමා ඔය කලින් කියපු තත්ව හැම තැනදීම වෙළදපලේ පොලී මට්ටම් හා ආයෝජන විකල්ප පිළිබඳ අවබෝධයක් තිබීම හරහා ඔයාගේ හෝ ආයතනයේ මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ඉහත ප‍්‍රතිලාභ හා වාසි අත්කරගන්න පුළුවන්. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? මූල්‍ය සාක්ෂරතාවයෙදී ඉතා වැදගත් කාරණය වන්නේ මූල්‍ය වෙළඳපලේ සිදුවන වෙනස්කම් ගැන හා ඔයාට මූල්‍යමය වශයෙන් වාසි අත්කරගත හැකි මූල්‍ය වෙළඳපල වෙනස්වීම් ගැන නිරන්තර අවබෝධයකින් සිටීමයි. මේ සාක්ෂරතාවය දියුණු කරගන්න නම් ඔයාගේ එදිනෙදා වියදම් සටහන් කර ගන්න නිතරම වෙළඳපොල තොරතුරු තියෙන ප්‍රවෘත්ති, පත්තර, අන්තර්ජාල පිටු කියවන්න NEXT     වසරට. මාසයට වගේම සතියටත් වැය ලයිස්තුවක් සකස් කරගෙන එය පිලිපදින්න

නම්‍යශීලීත්වයයි අද දවසේ නිපුණතාවය; නම්‍යශීලීත්වය කියලා කියන්නේ වෙනස් වීමට අවශ්‍ය තැන වෙනස් වීමේ හා අනුගත වීමේ හැකියාවටයි. ඔයා අවට ඇති දේවල් වෙනස් වෙද්දී ඒවාට ගැලපෙන විදිහට ඔයාට වෙනස් වෙන්න බැරිනම් ඔයා ඒනිසා ආතතියට පත්වෙන්නත් පුළුවන්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? NEXT     විවිධත්වයෙන් යුතු කණ්ඩායමක් එක්ක වැඩ කරන්කොට ඒ දායකත්ව තුලින් ඔයාගේ නිෂ්පාදන හෝ සේවාවන් වඩා ගුනාත්මක සේවාවක් බවට පත් කරගන්න ඔයාට පුළුවන් නම්‍යශීලී නැති ඔයා බොහෝ අවස්ථාවලදී නොගැලපෙන්නෙක් බවට පත්වෙනවා. මේ නිසා නම්‍යශීලීත්වය ව්‍යාපාරික ලෝකය තුල සාර්ථක වීමට ඉතාම වැදගත්. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? ඔයාට නම්‍යශීලීත්වය ප්‍රගුණ කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමා විවෘත මනසකින් සිටීම. ඒවගේම තමා ඔනෑම තත්වයකට සූදානම් වී සිටීම නම්‍යශීලිත්ව‌ට ඉතාම වැදගත් NEXT    

තාක්ෂණික සාක්ෂරතාවයයි අද දවසේ නිපුණතාවය; තාක්ෂණික සාක්ෂරතාව කියන්නේ ඔයාට ඔයාගේ ඉලක්ක සපුරා ගැනීමට පවත්නා තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාවයි. තොරතුරු ලබා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට, ඔයාලා දන්නා දේ බෙදා ගැනීමට සහ නව දේවල් නිර්මාණය කිරීමට තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ඒ වගේම තමා නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් තොරතුරු සාක්ෂරතාවය ඉතාමත්ම වැදගත් අද වැඩ ලෝකය හරිම සංකීර්ණයි, ඒ වගේම තමා තාක්ෂණය ගොඩාක් ව්‍යාපාර වල භාවිතා වෙනවා. භාෂා කුසලතාවය තරමටම වැඩ ලෝකය අද තාක්ෂණ නිපුණත්වය සලකා බලනවා. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? Step one කලයුතු පළමුවෙනිම දේ තමා ඔයාලා නිරන්තරයෙන්ම නව තාක්ෂණයන් පිලිබඳව යාවත්කාලීනව වී සිටීම. ඒක කරන්න පුළුවන් ලේසිම විදිහ තමා පොත පත කියවීම සහ අන්තර්ජාලය හරහා එම තොරතුරු ලබා ගැනීම. අනිත් නිපුණතා වලට වඩා මෙය වෙනස් වන්නේ, එම නිපුණතාවයම එය සොයා ගන්න උදව් කිරීමයි. NEXT     Step two

ආරම්භක හැකියාවයි අද දවසේ නිපුණත්වය; මුලපිරීමේ හැකියාව නැත්තම් ආරම්භක හැකියාව කියන්නේ වර්තමාන ලෝකයේ තියෙන තවත් ඉතා වටිනා කුසලතාවයක්. මුලපිරීමේ පුරෝගාමීන් තමා නව නිර්මාණ, නව අදහස් හැමදාම ලෝකයට බිහි කලේ. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? මෙම කුසලතාවය ඉතාමත් වටින්නේ ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න අයටයි. මොකද කියනවා නම් ආරම්භ කිරීමම සාර්ථකත්වයක්. ඒ වගේම රැකියා ස්ථානයක මෙම කුසලතාවය තියන කෙනෙකු ඉන්නවා නම් ඉක්මනින් වෘත්තීයව ඉදිරියට යන්න පුළුවන්. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? This will help the company to improve relationships with its clients. තමන් ඉගෙන ගන්න, රැකියා කරන ආයතනය තුල, නිවසේදී, සමාජයේදී ක‍්‍රියාශීලීව වැඩ කිරීම, නව අභියෝග හා වගකීම් භාරගැනීම, කණ්ඩායමට හෝ ආයතනයට උපකාරයක් විය හැකි නව ක‍්‍රම ගැන සොයාබලා ඉටු කිරීම , ආධුනික කණ්ඩායම් සාමාජිකයෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔබ දන්නා දෙය කියා දීම, වැඩ අධික කෙනෙකුට උදවු වීමට ඉදිරිපත් වීම වැනි කටයුතු හරහා ඔබට, ඔබේ මුලපිරීමේ හැකියාව නැමැති කුසලතාවය වර්ධනය කර කරන්න පුළුවන්. NEXT     ආරම්භක හැකියාවයි අද දවසේ නිපුණත්වය; මුලපිරීමේ හැකියාව නැත්තම් ආරම්භක හැකියාව කියන්නේ වර්තමාන ලෝකයේ තියෙන තවත් ඉතා වටිනා කුසලතාවයක්. මුලපිරීමේ පුරෝගාමීන් තමා නව නිර්මාණ, නව අදහස් හැමදාම ලෝකයට බිහි කලේ. NEXT    

නවොත්පාදනයයි අද දවසේ නිපුණතාවය; නවොත්පාදන එහෙමත් නැත්නම් Innovations කියන්නෙ යමක් කිරීමේ අලුත් ක්‍රමයක්, නැත්නම් අලුත් අදහසක් කියන එක සරළව අපිට කියන්න පුළුවන්. දැනට පවතින හෝ අළුත්ම ගැටලුවකට අවශ්‍යතාවයට අනුව හොඳ විසදුමක් දෙන එකෙන් අපිට නවොත්පදනයක් කරන්න පුලුවන්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? එය ව්‍යවසායකයින් වෙන්න ඉන්න ඔබට වගේම, රැකියා ගතවීමට ඉන්නා අයටත් ඉතාමත්ම වැදගත්. පවතින ප්‍රශ්නයකට වඩාත් කාර්යක්ෂම, ඵලදායි සහ ආර්ථික වශයෙන් වාසි වෙන විසඳුමක් මේ හරහා නවෝත්පාදනයක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන් කම තියෙනවා. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? Before you innovate, remember to ask crucial questions including if the innovation would benefit just one segment or the entire customer base. පළමුව මුලින් ම අපි අඳුනගන්න ඕනෙ නව නිර්මාණයක් කරන්න උවමනාකරන ප්‍රශ්නය මොකද්ද කියන එක. ඊට පස්සේ ඒ ප්‍රශ්නය මිනිස්සුන්ට බලපාන විදිය, මිනිස්සු ඒ ප්‍රශ්නය ගැන හිතන්නෙ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඔනේ. අන්තිමටම තමයි අපි බලන්න ඕනෙ අපිට ලැබුන ප්‍රශ්නය නිර්මාණශීලීව විසඳන්න පුළුවන් කොහොමද කියන එක.ඒක නව නිශ්පාදනයක් ද, එහෙමත් නැතිනම් සේවාවක්ද, ඒකට වෙලඳපොලක් (Market) එකක් තියෙනවද,කොහොමද ඔයා ඔයාගෙ නිශ්පාදනය විකුනන්න හිතාගෙන ඉන්නෙ කියන දේ ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. NEXT     දෙවනුව තෙවනුව

නායකත්වය අද දවසේ නිපුණත්වය; නායකත්වය කියලා කියන්නෙ අපිට හරිම හුරු පුරුදු වචනයක් වුනත් අපි සරලව බැලුවොත්, යම් ඉලක්කයක් ජය ගන්න, කණ්ඩායමක් හසුරවමින් හොඳ සන්නිවේදනයක්, අධීක්ෂණයක් හා උනන්දුව වගේ කුසලතා හරහා එම කණ්ඩායම මෙහෙයවීමට තිබෙන හැකියාව තමයි නායකත්වය කියන්නෙ. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? සියලු දෙනාටම සමසේ අවශ්‍ය වන විටක කණ්ඩායමේ සාමජිකයන්ට උදවු කිරීම හොඳ නායකයෙකුගේ ලක්ෂණයක්. නායකයෙකු සෑම විටෙකම තමාගෙ කණ්ඩායමට මග පෙන්වීමට සහ උනන්දුව ඇති කිරීමට උත්සාහ කරන කෙනෙකු වෙන්නට උවමනායි. අමාරු අවස්ථාවලදී නායකයෙක් කරන්නේ තමුන්ගේ කණ්ඩායම එක්ක රැඳෙන ගමන් නිවැරදි දේ කරන්නට මගපෙන්වීමයි. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව නායකයෙකු වීමට පළමුව ඔබ හොඳ සන්නිවේදකයෙකු වීම අත්‍යාවශ්‍ය වෙනවා. ධනාත්මකව හිතන අයෙකු වීමත් අත්‍යාවශ්‍ය දෙයක්. ඒකට අපි English වලින් කියන්නේ positive thinking කියලා. NEXT     දෙවනුව කණ්ඩායමේ වැරදි අඩුපාඩු අඩු කරගන්න නිවැරදි කරගන්න තැනට සුදුසු විදියට තීරණ ගැනීමේ ශක්තිය නායකයෙකුට ඉතාම වැදගත්. තෙවනුව

ජීවිත කාලයේම ඉගෙන ගැනීමක් ලෙස දැකීම නොහොත් ස්වයං අභිප්‍රේරිත ඉගෙනුම අද දවසේ නිපුණතාවය; ඉගෙන ගන්නවා කියන එක ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම කරන දෙයක්. ඒ ඉගෙනුම අර්ථවත් විදියට යොදා ගැනීම තමයි ස්වයං අභිප්‍රේරිත ඉගෙනුම කියන්නේ. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ස්වයං අභිප්‍රේරණයට , එහෙමත් නැත්නම් ජිවිත කාලය පුරාම ඉගෙනීමට කැමති කෙනෙක් ඒක ජීවිතයේ කොටසක් කරගෙන ජීවිත කාලය පුරාවටම සිදුවන ක්‍රියාවලියක් කර ගන්නවා. එහෙම ඉගෙන ගන්න කෙනෙක් හැම මොහොතෙම Updated Character එකක් විදියට ආයතනය, සමාජය අඳුනගන්නවා. එමඟින් ඔයාට ලෝකය දෙස වඩාත් අවබෝධයකින් සහ පැහැදිලිව බලන්නටත් උදව් වෙනවා. දැනුම සෙවීමට යොමුවෙන එක වෘත්තීය වශයෙන් හරි පෞද්ගලික හේතුමත හරි වෙන්න පුලුවන් දෙයක්. ඒකට අවශය වෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්නට තියෙන ආසාව සහ ඕනෙ කම විතරයි. අද සමාජයේ ගොඩක් දෙනා ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සේ ඉගෙනීම අතැරලා දානවා. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? මුලින් ම ඔයා වැඩි දුර ඉගෙන ගන්න කැමති විෂය ක්ෂේත්‍රය හඳුනගන්න.මේ ඉගෙනුම කරන්නෙ වෘත්තීය හේතුවක් නිසා නම්, ඔයා කරන කාර්යය හොඳින් කිරීමට ඉගෙන ගන්නට ඕනේ දේවල් මොනවද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න. NEXT     අවසානයට, විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු ලබාගන්න. එකම මූලාශ්‍රයකින් තොරතුරු ලබාගනීමෙන් ඔයාට තොරතුරු වල නිවැරදි බව තහවුරු කරගන්නට අපහසු වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු ලබාගෙන නිවැරදිතාවය තහවුරු කර ගන්න. දෙවනියට මේ කාර්යය පහසු කරගන්නට පුලුවන් සම්පත් අඳුනාගන්න. ඔයාට අවශ්‍ය මගපෙන්වන්නට පුලුවන් උපදේශකයෙක්, යහළුවෙක් ඉන්නවානම් ඔයාට වඩාත් පහසුයි. ඒ අයගෙන් ඔයාට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් සොයා ගන්නට සහ ඔයාව කරදරයට පත් විය හැකි දේ ගැන හරි උපදෙසක් ගන්නට පුලුවන් නිසා.

මාධ්‍යය සාක්ෂරතාවය අද දවසේ නිපුණතාවය තමයි; මාධ්‍යය සාක්ෂරතාවය 21 වන වන සියවසේ ඉතාම වැදගත් කුසලතාවයක්. මෙම කුසලතාවයෙන් මාධ්‍ය අප ජීවිතයට, රැකියාවට, තීරණ ගැනීමට ඇති හැකියාවන් වැඩි දියුණු කරනවා. විවිධ මාධ්‍ය මගින් නිකුත් කරන පණිවුඩ වඩා හොඳින් තේරුම් ගැනීමට ඔයාට ඇති හැකියාවත් මාධ්‍යය සාක්ෂරතාවයේ එක් කොටසක්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? අද වන විට නව ව්‍යාපාර විශාල ප්‍රමාණයක් විශාල දත්ත එහෙමත් නැත්තම් Big Data හරහා සිදු කරනවා. අද දවස වෙන විට අසීමිත මධ්‍ය ප්‍රමාණයකින් විවිධ පණිවිඩ ලැබෙනවා, ඒ වාගේම අපි විවිධ පණිවිඩ ලබාගන්නවා. එහෙම ලැබෙන පණිවිඩ නිවැරදිව තෝරගන්නට අපි එවා විශ්ලේචනාත්මකව කියවා බලා තේරුම් ගෙන විවිධ අධ්‍යාපනික, රැකියා ගත සහ ව්‍යවසායාත්මක තීරණ ගන්න අපිට මාධ්‍යය සාක්ෂරතාවය තිබිය යුතුමයි. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? Step one මාධ්‍ය සාක්ෂරතාවයෙන් දියුණු කර ගන්න මුලින් ම නිවැරදි මාධ්‍යයන් දැන ගත යුතු වෙනවා. ඒ ඒ මාධ්‍ය ආයතන ඔවුන්ගේ මාධ්‍ය හැසිරවීම තුල ඔවුන් යමක් විග්‍රහ කරනා දෘෂ්ටි කෝණය මොකද්ද කියලා අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. NEXT     Step two මාධ්‍ය තුල වහලෙක් නොවී මාධ්‍යය ඔබ සේවකයකු කරගන්නට ඔබට පුලුවන් නම් ඔබ හොඳ මාධ්‍ය සාක්ෂරතාවය ප්‍රගුණ කර ඇති කෙනෙක් ලෙස ඔබටම වැටහේවි. දෙවනුව එය වෙළඳ ප්‍රචාරනයක් ද යන්න හඳුනාගන්න. සමාගමක් දැන්වීමක් ප්‍රචාරය කරන විට ඔවුන්ගේ නිශ්පාදනයන් මිලදීගැනීමට අපව පොලඹවා ගැන්න ප්‍රචාරනාත්මක භාෂාවක් භාවිත කරනවා. Step three

ගැටළු විසඳීමයි අද දවසේ නිපුණත්වය; ගැටළු විසඳීම කියලා කියන්නෙ ඔයාට තියෙන නිර්මාණාත්මක චින්තනය වගේ විවිධක්‍රම භාවිතා කරමින් පවතින හෝ අලුත් ගැටළු සඳහා විසඳුම් යෝජනා කරන කලාවටයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? නිතර ගැටලුවලට මුහුණ දීමට සහ ඒවා විසඳීමට අපට නිරන්තරයෙන් සිදුවන නිසා මෙය ඉතාම වැදගත්. අපි මෙහෙම හිතමු, ඔයාට එදිනෙදා කටයුතුවලට අවශ්‍ය සම්පත් හොයාගන්න විදිය,කේන්තියෙන් ඉන්න සේවාදායකයෙක් (client කෙනෙක්) එක්ක ගනුදෙනු කරන එක, කන්ඩායම් හැඟීමක් නැති නිතරම ප්‍රශ්න ඇති කර ගන්න කන්ඩායමේ සමාජිකයෙක් එක්ක වැඩකරන එකත් මේ ගැටලු විසදීමට අයිති වෙනවා. NEXT     ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් කාල්පනා කරලා බලන්න ඔයා දවසකට කොයි තරම් ප්‍රශ්න වලට උත්තර හොයනවද කියන එක. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව ඕනෙම ගැටලු සහගත තත්වයකදී මුලින්ම කරන්නට ඕනේ ගැටලුව පුංචි කොටස් වලට කඩාගන්න එක. ගැටලුව පුංචි වෙන තරමට ගැටලුව වටහාගන්නටත්,විසඳීමටත් පහසු වෙනවා. NEXT     දෙවනුව ඔයාගෙ ගැටලුව උදවු කරන්නට පුලුවන් කෙනෙක් එක්ක සාකච්ඡා කරන එකෙන් එයාලගේ අදහස්, විසඳුම් වලට උදවුවක් කරගන්නට පුලුවන්. එහෙමත් නැතිනම් ඒ විදියෙම ගැටලුවකට මුහුන දුන් අය ඒවා විසඳා ඇති විදිය සොයා බැලීමට අන්තර්ජාලය හරහා දැනුම ලබා ගන්නටත් පුලුවන්. තෙවනුව ඔයාගෙ දැනුම,බුද්ධිකලම්භනය , තාර්කික ඥාණය පාවිච්චි කරගෙන ගැටලුව විසඳන්න පුලුවන්. ගැටළු විසඳීමයි අද දවසේ නිපුණත්වය; ගැටළු විසඳීම කියලා කියන්නෙ ඔයාට තියෙන නිර්මාණාත්මක චින්තනය වගේ විවිධක්‍රම භාවිතා කරමින් පවතින හෝ අලුත් ගැටළු සඳහා විසඳුම් යෝජනා කරන කලාවටයි. NEXT    

ඵලදායිතාවයයි අද දවසේ නිපුණත්වය; ඵලදායිතාවය කියන්නෙ ඔයා කොයි තරම කාර්‍යක්ෂමද කියන එකයි. ඔයාට කාර්‍යක් අවසානය දක්වා නිම කරන්නට කොයි තරම් කාලයක් ගතවෙනවාද යන කාලය මැනීමෙන් ඵලදායිතාව ගණනය කර ගන්න පුලුවන්.ඒත් කාලය කියන්නේ ඵලදායිතාවය මනින එකම ක්‍රමය නෙවෙයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ඵලදායි අයෙකු වීම ඔයාට කාර්යයාලීය, වෘත්තීය ජීවිතයට විශාල වාසියක් වෙනවා.නියමිත කාල පරාසයක් ඇතුලත කොයි තරම් වැඩ ප්‍රමාණයක් කර තිබේද, කොයි තරම යෙදවුම් සංඛ්‍යාවක් භාවිත කරමින් කොයිතරම් නිමැවුම් ප්‍රමානයන් නිර්මාණය කර ඇත්දැයි යන්න ඵලදායිතාවයේදී වැදගත් වෙනවා. අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක් නිර්මාණය කරන විට අපි ඒක හඳුන්වන්නේ "ඵලදායි" කියලා. මෙහිදී ඔයාට කුඩා කාලයක් තුල විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව ලැබෙනවා. NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? ඔබ වටා ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම නිතර අවශ්‍යවන දේවල් ඔබට පහසුවෙන් පෙනෙන, ගත හැකි ලෙසට පිලිවෙලට තැබීම වැදගත්. NEXT     ඒ වගේම ඔයාට දවසෙ කරන්නට තියෙන වැඩ තෝරා ගන්නකොට වඩාත් වැදගත් දේවල් වලට මුල්තැන දෙන එක, අනෙකුත් වැඩවලට අඩු වෙලාවක් යොදා ගැනීම , වැඩ පැවරීම වගේ දේවල් කරන්න පුලුවන්

වෘත්තීමය භාවයයි අද දවසේ නිපුණත්වය; වෘත්තීමය භාවය කියන්නෙ ඔයා රැකියාවේ යෙදෙන ආකාරයයි.ඔයා හැසිරෙන්නේ කාර්යයාලයකට සුදුසු ආකාරයටද, ඔයා වෙලාවට වැඩ පටන් ගන්න කෙනෙක් ද, අනිත් අයට ආචාරශීලී වීම සහ අනෙත් අයගේ කාලයට ගරු කිරිම ඔයා කරනවද කියන එක කල්පනා කරලා බලන්න. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ඔයා වෘත්තීයභාවයකින් තොර උනොත් ඒක ඔයාගෙ හැම හැසිරීමකින්ම පෙනෙන්නට ගන්නවා වගේම ඔයාට නරක විදියට බලපාන්නත් පුලුවන්.ඒ නිසා කාර්යයාලයේදී නිතරම වෘත්තීයභාවයකින් කටයුතු කිරීම ඔයාගෙ දියුණුවට හේතු වෙනවා NEXT     මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව වෘත්තීයභාවයට පත්වීම හරිම ලේසියි. ඔබේ තනතුර කුමක් වුවත් පිළිවෙලට, පිරිසිදුවට ඇඳුම් ඇඳීම,රැකියා ස්ථානයට නොගැලපෙන විලාසිතාවන් බැහැර කිරීම. NEXT     දෙවනුව ඔයාට අවශ්‍ය දේ තබාගෙන අනෙත් සියලු දේ ඉවත් කරනන්න.ඔයාට නිම කරන්නට ඇති කටයුතු පොතක සටහන් කර ගන්න පුරුදුවෙන්න. ඔයාට කිසිම දෙයක් මග හැරෙන එකක් නෑ. මේ දේවල් වලින් ඔයාට පුලුවන් ඔයාගෙ වෘත්තීමයභාවය වැඩි කරන්න. තෙවනුව විශ්වාසදායක අයෙකු වීම, පැවරූකටයුතු නිසි වෙලාවට නිමාකිරීම,ඒමගින් අන් අය අතර ඔබ "පොරොන්දු ඉටු කරනා විශ්වාස කල හැකි අයෙක්" බවට පත් වෙන්නට ඔයාට කරන්නට පුලුවන් පහසුම දෙයක්. වෘත්තීමය භාවයයි අද දවසේ නිපුණත්වය; වෘත්තීමය භාවය කියන්නෙ ඔයා රැකියාවේ යෙදෙන ආකාරයයි.ඔයා හැසිරෙන්නේ කාර්යයාලයකට සුදුසු ආකාරයටද, ඔයා වෙලාවට වැඩ පටන් ගන්න කෙනෙක් ද, අනිත් අයට ආචාරශීලී වීම සහ අනෙත් අයගේ කාලයට ගරු කිරිම ඔයා කරනවද කියන එක කල්පනා කරලා බලන්න. NEXT    

සමාජ වගකීමයි අද දවසේ නිපුණත්වය; සමාජ වගකීම කියන්නෙ අපේ හැසීරීම් හා ක්‍රියාවන් තුලින් අප ජීවත් වෙන සමාජයට සහ ලෝකයට යහපතක් වෙන බවට වග බලා ගැනීමටයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? සමාජ වගකීම කියන අදහස මේ වනවිට විව්ධ මට්ටම වලින් කතා බහට ලක්වෙන මාතෘකාවක්. NEXT     ගොඩක් ආයතන, තමුන්ගේ "ආයතනයේ සමාජ වගකීම" පිලිබඳ ප්‍රතිපත්ති එලි දක්වා තියෙනවා. ඒවා ඉටුකරගැනීම සඳහා වෙනමම කන්ඩායමක් ආයතන වලට බඳවාගන්නවා CSR projects කියන්නෙ මෙන්න මේ කොටසට. ගොඩක් ආයතන වගවීම් සහ විනිවිදභාවය හරහා ලෝකයට හොඳ දෙයක් කරන්නට හෝ තමුන්ගෙන් වෙන හානිය අවම කරන්නට වැඩ කටයුතු කරනවා. මේවා ආයතනවල දිගු කාලීන ප්‍රයෝජන සඳහා භාවිත කරන උපායක් කියන්නත් පුලුවන්. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව සමාජ වගකීමෙන් යුතු මිනිසෙක් වෙන්නට නම් අපි කරන ක්‍රියාවකින් ලෝකයට කොයි තරම් හානියක් වෙනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්නට උවමනායි.ඔයා කරන හොඳ නරක ගැන අවබෝධයකින් සිටීම වැදගත්. NEXT     දෙවනුව ආයතනයෙ සමාජ වගකීම බලාගන්නට යම් කෙනෙකුට පවරන්නට පුළුවන්,වගකීමක් විදියට රාජකාරිමය වශයෙන් එම පුද්ගලයා එයට බැඳී ඉන්නවා. තෙවනුව මෙය සමාගමේ පොදු දෙයක් බවට පත්කරගන්නට අවශ්‍ය වෙනවා.සමාජ වගකීමෙන් හැසිරෙන මිනිසුක් වැඩියෙන් මේ වගේ දේවල් වලට සම්භන්ධ වෙන තරමට ඒවා සර්ථක වෙනවා.

සමාජ කුසලතාවයයි අද දවසේ නිපුණතාවය; සමාජ කුසලතා කියලා කියන්නෙ අනිත් අය එක්ක වැඩ කිරිමෙදී එය වඩාත් යහපත්ව හා සමාජයක් ලෙස එක්ව සිතමින් ක්‍රියා කිරිමට හේතු වෙන ඔයාගෙ පුද්ගලික ගුණාංගයි. සමාජ කුසලතා කියන දේ හැමදාටමත් වඩා අද වැදගත් වන්නේ අපි විශ්වීය ගමක් විදිහට විවිධ ජාති ආගම් සමාජ වල අය සමග එකම පොදු කාරණයක් සඳහා ආයතනගත වීමයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? සමාජ කුසලතාවලින් ඔයාට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට, අන් අයව තේරුම් ගැනීම සහ ඔයාගේ අරමුණු පහසුවෙන් ඉටු කර ගැනීමටත් උදවු වෙනවා. NEXT     ඔයා විශාල සමාගමක සේවය කලත්, කුඩා සමාගමක සේවය කලත්, ස්වයං ව්‍යාපාරයක යෙදුනත් ඔයාට ඔයාගෙ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ පහසුවෙන් සහ සුහදශීලීව එකට වැඩ කිරීමට ඔයාට මේ මෘදු කුසලතාවය අවශ්‍යවෙනවා. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව මුලින් ම ඔයා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේදී සහ ඔවුන් ව පුද්ගලිකව දැන අඳුනාගැනීමට ඔයාට අව්‍යාජ උනන්දුවක් තියෙන්නට උවමනායි. හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත් කාරනයක්. NEXT     දෙවනුව තුන්වෙනුව නම්‍යශීලීව සහ කණ්ඩායම සමඟ එක්ව වැඩ කරන්න. හැම විටම කණ්ඩායමේ අනෙත් සාමජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. තෙවනුව දෙවනුව නිසි ශරීර භාෂාව නැත්තනම් Body Language එක භාවිතා කරීම සහ විවිධ සමාජ ස්ථර වල ඉඳලා පැමිණි අයගේ ආකල්ප හා ගති පැවතුම් විවෘත මනසෙන් දැකීම ඉතා වැදගත්

කණ්ඩායම් ක්‍රියාකාරකම් අද දවසේ නිපුණතාවය; කණ්ඩායමක් හැඟීමෙන් වැඩ කිරීම කියලා කියන්නෙ පැවරූ කාර්යක් ඵලදායි ව සම්පූර්ණ කිරීමට එකමුතුව වැඩ කිරීමට. නැත්නම් Team Work කිවුවම කවුරුත් කුසලතාවය දන්නවා NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? Team Work කියන දේ වර්ථමාන වැඩ ලෝකයේ තීරණාත්මක කුසලතාවයක් වෙනවා. ගොඩක් ආයතන කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල හැකි අයට විශේෂ කැමැත්තක් දක්වනවා. NEXT     කණ්ඩායමක සෑම අයෙකුටම පැවරුනු නිශ්චිත වැඩ කොටසක් තියෙන නිසා සෑම කෙනෙකුගේ ම දායකත්වය කණ්ඩායමකට ඉතාමත් වැදගත්. විශේෂයෙන් විශාල සමාගමක වැඩ කරන විට ඔයා කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කල හැකි " කණ්ඩායම් සගයෙකු" විය යුතුයි. මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව කණ්ඩායමේ සියළු දෙනාගේ දායකත්වය එක විදියට ලබාගන්නට කණ්ඩායමේ අරමුනු හා මෙහෙවර සියළු දෙනා සමඟම පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්. ඒ වගේම කණ්ඩායමේ සිටින අයගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එකත් ඉතා පැහැදිලිව දැනුවත් කල යුතු කරුණක්. NEXT     දෙවනුව සන්නිවේදනයේදී නිතරම අන් අයව ගෞරවාන්විතව ඇමතීම, අදහස් වලට සවන්දීම, නිර්මාණශීලී අදහස් අගය කිරීම නවෝත්පාදන සඳහා දිරිගැන්වීම, කණ්ඩායම තුල ඇති විව්ධත්වය ශක්තියක් ලෙස තේරුම් ගැනීම මගින් කණ්ඩායමක් තුල උපරිම ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. තෙවනුව ඇති වෙන්නට පුලුවන් අවදානම් තත්වයන් වගේ හැම තොරතුරක් ම කල් තියා කණ්ඩායමට දැනුම් දී තොරතුරු හුවමාරු කරගෙන තිබුය යුතුයි.

තාක්ෂණික සාක්ෂරතාවයයි අද දවසේ නිපුණතාවය; තාක්ෂණික සාක්ෂරතාවය කියන්නෙ වර්ථමාන ලෝකයේ තියෙන තාක්ෂණය ඔයාගේ ඉලක්ක සපුරාගැනීමට යොදා ගැනීමට ඔයාට තියෙන දැනුවත් කමයි. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? ඔයා දන්න දැනුම බෙදා ගැනීමට වගේම අලුත් දේවල් නිර්මාණය කරන්නත් තාක්ෂණය පාචිචිකරන්නට පුලුවන්. ඔයාට කිරීමට අවශ්‍ය දෙය තාක්ෂණය යොදා ගෙන ඉතා ඵලදායී ලෙස කරන්නේ කොහොමද, කල යුත්තේ කොතැනදිද යන්න දැනගැනීම ඉතා වැදගත්. ඔයාගේ තාක්ෂණික සාක්ෂරතාවය එයින් පෙන්නුම් කරනවා. NEXT     මේ නිපුනතාවය සෑම විටම වැඩ කරනවිට මතුවෙන සංකීර්ණ ගැටළු විසඳාගැනීමට සහ තොරතුරු අවශ්‍යතා කළමනාකරණය කිරීමට උදවු වෙනවා මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව ඔයා නව තාක්ෂණය පිළිබඳව යාවත්කාලින වෙන්න ඕනෙ (Update වෙනවා කියලා අපි කියන්නෙ). ඔයාගෙ කටයුතු සඳහා වැදගත් වෙන දේ ගැන නව තොරතුරු සොයා ගැනීම වැදගත්. NEXT     දෙවනුව නව තාක්ෂණය අත්හදා බලන්න, එයට බිය වන්නට එපා. තාක්ෂණය ඔයාගේ වහලෙක් බවට පත් කර ගන්න තෙවනුව ඔයාගෙ කටයුතු වඩා ඉක්මනින් සහ හොඳින් කල හැකි නව තාක්ෂණික සම්පත් තිබෙනවාදැයි සොයා බලන්න. තාක්ෂණික සාක්ෂරතාවයයි අද දවසේ නිපුණතාවය; තාක්ෂණික සාක්ෂරතාවය කියන්නෙ වර්ථමාන ලෝකයේ තියෙන තාක්ෂණය ඔයාගේ ඉලක්ක සපුරාගැනීමට යොදා ගැනීමට ඔයාට තියෙන දැනුවත් කමයි. NEXT    

වෘත්තීය පෞරුෂත්වයයි අද දවසේ නිපුණතාවය; වෘත්තීය පෞරුෂත්වය කියන්නෙ යම් රැකියාවකට හෝ වෘත්තීයකට ඔබ තුල තියෙන කැමැත්ත හා හැකියාවන් වල සම්මිශ්‍රණයක්. ඒක මැනලා බලන්න භාවිතා කරන්නේ මනෝමිතික පරීක්ෂණයයි. වෘත්තීය ජීවිතය පටන් ගන්න කලින් තමාගේ වෘත්තීය පෞරුෂත්වය හඳුනා ගැනීමෙන් හොඳ වෘත්තීය ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. NEXT     මේ නිපුණතාවය වැදගත් වෙන්නේ ඇයි? අපි සියළු දෙනාට හැම දේම කරන්නට බැහැ. හැබැයි අපි එකිනෙකා වෙන වෙනම යම් යම් දේකට දක්ෂයි. NEXT     රැකියාවකට අයදුම් කිරීමේදී හා රැකියා අතර මාරුවෙනකොටත්, ව්‍යාපාරයක් පටන් ගද්දීත් ඔයා වඩාත් ම දක්ෂ කුමකටද කියන එක නිවැරදිව දැන සිටීම ඉතාම වැදගත්. ඔයාගේ උපරිමය ලබ දෙන්නටත් එයින් සාර්ථකත්වයට පත් වෙන්නටත් එය උදවු වෙනවා මේ නිපුණතාවය වර්ධනය කරගන්නේ කොහොමද? පළමුව සමහර වෙලාවට අපිට අපි දක්ෂ දේ හරියටම තේරුම් ගන්නට අපහසුයි. NEXT     දෙවනුව ඔයත් එහෙම වෘත්තීය පෞර්ෂත්වය ගැන අවම දැනුමක් තියෙනව නම් "වෘත්තීය ලැදියා පරීක්ෂනයකට" යොමු වෙලා ඔයාගේ දක්ෂතා, ඔයාගෙ කැමැත්ත වගේම ඔයාට වඩාත් සුදුසු මොන වගේ රැකියාවක් ද, මොන වගේ වෘත්තීයකින් ඔයාට සාර්ථකවෙන්න පුලුවන්ද කියන දේ සොයා ගන්නට හකියාව තියෙනවා. ඔයාගෙ දක්ෂතා වගේම දුර්වලතා හඳුනාගෙන ඔයා වැඩ කරන ආයතනයට ඔයාගෙ උපරිමය ලබාදෙන්නට ඔයා ඔයා තුල කරගන්නට අවශ්‍ය වෙනස්කම් හඳුනාගැනීමත් මෙයින් සිදු කල හැකීයි තෙවනුව අපි සමග සිටින සමහරුන් පුංචි කාලයේ ඉඳලම ඒ අය කරන්නට ආස දේ ගැන දැනුමක් තියෙනවා. එත් සමහරෙකුට එයාලා දක්ෂ මොකටද කියන එක හොයාගන්නට උදවු ඕනෙ වෙනවා. වෘත්තීය පෞරුෂත්වයයි අද දවසේ නිපුණතාවය; වෘත්තීය පෞරුෂත්වය කියන්නෙ යම් රැකියාවකට හෝ වෘත්තීයකට ඔබ තුල තියෙන කැමැත්ත හා හැකියාවන් වල සම්මිශ්‍රණයක්. ඒක මැනලා බලන්න භාවිතා කරන්නේ මනෝමිතික පරීක්ෂණයයි. වෘත්තීය ජීවිතය පටන් ගන්න කලින් තමාගේ වෘත්තීය පෞරුෂත්වය හඳුනා ගැනීමෙන් හොඳ වෘත්තීය ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. NEXT