Youlead ගැන
Slider

YouLead යනු ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීමටත් ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීමටත් තමුන්ගේම ව්‍යාපාර ඇරඹීමට අවැසි  ව්‍යවසායකයන්ට ව්‍යාපාර සහයත් ලබා දෙන ආයතනයකි.

වඩාත් දක්ෂ හා නම්‍යශීලී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් මගින්  අප ආයතනය සිසුන්ට, උපදේශකවරුන්ට සහ ආයතන වලට සහාය වෙයි.

අපේ  මෙහෙවර :

– වැඩ ලෝකයට අවශ්‍ය  වෘත්තීය කුසලතා පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම

– වැඩ ලෝකයට ගැලපෙන විෂයමාලා සංවර්ධනය කිරීම

– ව්‍යවසායකයින් වීමට උත්සාහ කරන තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීම

– රාජ්‍ය හා පෞද්ගලික අංශය සමඟ ඇතිකරගන්නා හවුල්කාරිත්වය තුලින් ඉහළ ප්‍රමිතියේ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කිරීම

– කාන්තාවන්ට ශ්‍රම බලකායට වැඩි වැඩියෙන් ඇතුළු වීමට දිරි ගැන්වීම


අපේ වැඩසටහන් ගැන වැඩි දුර විස්තර දැනගන්න, පිවිසෙන්න:

Write Us