නවෝත්පාදනය

Innovation

 

ලෝකය අලුත් කරන “නවෝත්පාදනය”

 

ජීවිත වල විප්ලවීය වෙනසක් ඇති කරවන නව නිෂ්පාදනයක් පිළිබඳව ඔබට අදහසක් තියෙනවද?

පවත්නා  ගැටලු විසඳීමට නව ක්‍රම ගැන ඔබ සිතනවද? අලුත් අදහසක්, එහෙමත් නැත්නම් විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයකට නව විසඳුමක් සොයාගැනීමට, සමහරවිට ඔබට  නවෝත්පාදන පිළිබඳව සිතන්නට වෙනවා. මොකද තියෙන උත්තර වලින් ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්න නැති නිසා.

 

නවෝත්පාදනය යනු කුමක්ද?

 

නවෝත්පාදනය කියන්නේ මේ මොහොතේ පවත්නා, එහෙමත් නැත්නම් අනාගතයේ  ඇතිවිය හැකි ගැටලුවක්  හෝ අවශ්‍යතාවයක් අඩු පිරිවැයකින්/ සම්පත් ප්‍රමාණයකින්   විසඳිය හැකි වඩා හොඳ නව අදහසක් කියලා අපිට කියන්න පුළුවන්.

 

නව්‍ය වන්නේ කෙසේද?

 

නවෝත්පාදනයක් කියන්නේ  1802 දී “ශ්‍රීමත් හම්ෆ්රි ඩේවි” විසින් මුලින්ම  විදුලි ආලෝකය නිර්මාණය කිරීම වගේ  දෙයක් පමණක් යැයි සිතන්න එපා . ඒ වගේම  නව්‍යකරණ කිරීම සඳහා ඔබට ඔබේ විද්‍යාගාර උපකරණ සමඟ  වසර ගණනාවක් ගත කිරීමට අවශ්‍ය වන්නෙත් නැහැ. නව්‍ය වීමට නම්, ඔබ අලුත් ඇසකින් ලෝකය  දකින්න, නිර්මාණශීලී වන්න, ඔබට  පවතින ගැටලුවකට නව විසඳුමක් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ ඉලක්කය විය යුත්තේ වර්තමානයේ පවතින දෙයට වඩා ඵලදායී (වඩා හොඳ) විසඳුමක් නිර්මාණය කරගැනීමයි. ඔබේ අරමුණ  ඔබේ නවෝත්පාදන තුලින් අන් අයට හොඳ ප්‍රතිඵල ලබාගැනීම  සඳහා උදව් කිරීම. ගැටලු දෙස නව ආලෝකයකින්  දකින්න. ගැටලුව  කුමක්ද, කළ යුතු දේ සහ එය කරන්නේ කෙසේද? ආදී ලෙස සිතන්න පටන් ගන්න. පෙරට වඩා අඩු සම්පත් ප්‍රමාණයකින්  වඩා හොඳ විසඳුමක් ඔබට යෝජනා කළ හැකි නම්, ඔබට නව්‍ය විසඳුමක් තියෙනවා.

නව්‍යකරණයේ කොටසක් ලෙස ඔබට නව නිෂ්පාදන නිර්මාණය කරන්න පුළුවන්. ඔබේ සමාගම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින සමාගමක් නම්, වෙළඳපොල තුල ඉදිරියෙන් සිටීමට ඔබ නියමිත වේලාවට නව දේවල් නිර්මාණය කර වෙළඳපලට නිකුත් කළයුතු වෙනවා. බොහෝ සමාගම් මෙම ඉලක්කය ජයගැනීමට, පර්යේෂණ හා සංවර්ධනය සඳහා මිලියන ගණනක් ආයෝජනය කරනවා. නවෝත්පාදනය සිදුවීමට නම්, ඔබේ සිතුවිලි වගේම ක්‍රමවේදය යන දෙකෙහිම ඔබ  නිර්මාණශීලී වන්නට ඕනේ. ඔබේ ඉලක්කය නිර්මාණශීලී නව අදහසක් තුලින් ගනුදෙනුකරුවන්ගේ ගැටලු විසඳීම නම්, ඔබ මුලින්ම ගැටලුව තේරුම් ගත යුතුයි , ඉන් අනතුරුව  ඒ ගැන නව ආකාරයකින් සිතන්න පටන් ගන්න, ඔබේ විසඳුම සේවාදායකයාට  සහ ඔබේ සමාගමට යන දෙඅංශයටම වැඩක් වන දෙයක් විය යුතුයි. එවිට ඉන්  ඔබේ සමාගමට තම ගනුදෙනුකරුවන්ට වඩා හොඳ නිෂ්පාදනයක් සහ සේවාවක් සැපයීමට හැකි වේවි.

 

නව්‍යකරණයේ පැතිකඩ

 

■          නව/යෝජිත නිෂ්පාදන, දැනට පවතින විකල්ප වලට වඩා අර්ථාන්විත වෙනස්කමක්/ප්‍රයෝජනයක් ඇති දෙයක් විම.

■          ගනුදෙනුකරුවන්ගේ මේ දක්වා නොවිසඳුනු අවශ්‍යතාවයක් හඳුනාගැනීම.  එම අවශ්‍යතාවය නව අකාරයකින් සපුරාලීම හා ඒ හරහා ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරීවන්නක් නිර්මාණය කිරීම .

■          මිනිසුන්ගේ ජීවිත යහපත් හෝ සතුටින් ගත කිරීමට නව ක්‍රම නිර්මාණය කිරීම.

■          පවත්නා හෝ නව වෙළඳ නාම සමඟ නව වෙළඳපල වල තරඟ කිරීමට නව නිෂ්පාදනයක් හඳුන්වා දීම.

■          දැනට පවතින අදහසක්, නිෂ්පාදනයක් හෝ වෙළඳ නාමයක් නව්‍ය අකාරයකින් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලීම හා ඉදිරිපත් කිරීම. අපි බොහෝ විට “ඇපල් සමාගමේ” නිෂ්පාදන සමඟ දකින පරිදි.

■          පවත්නා භාණ්ඩ නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණය පාවිච්චි කිරීම. අද තාක්ෂණය එවැනි “තරඟය වෙනස් කරන්නෙකු”  බවට පත්ව ඇත. පුංචි තාක්ෂණික මෙවලමක් හරහා  ඇතිකරන වෙනසක්   අපගේ ජීවිතයේ විශාල වෙනස්කම් කිරීමට ඉඩ සලසනවා. එබැවින් එය භාවිතා කිරීමට බිය නොවන්න. එය ඉගෙන ගන්න, ආදරය කරන්න, භාවිතා කරන්න. එය ඔබට නව්‍ය  හා කාර්යක්ෂම වීමට උපකාරී වනු ඇත.

                                                     මූලාශ්‍රය: මිෂෙල් ග්‍රීන්වෝල්ඩ්, ෆෝබ්ස් හි පළ වූ ලිපිය (2014 මාර්තු)

■          නවෝත්පාදනය සඳහා සහයෝගීතාවය ඉතා ප්‍රයෝජනවත් බව මතක තබා ගන්න. ඔබේ  ක්ෂේත්‍රය තුල පවා දැනගත යුතු සියල්ල අපට දැනගන්නට ලැබෙන්නේ නැහැ . එබැවින් කර්මාන්තයේ අත්දැකීම් සහ දැනුම ඇති පුද්ගලයින් සමඟ කතාබහ කිරීම,  ඔවුන්ගෙන් ඉගෙන ගැනීම , ඔවුන් සමඟ වැඩ කිරීම ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත්. ඒ වගේම වෙනත් කෙනෙකු සමඟ වැඩ කිරීමෙන් ඔබේ නිෂ්පාදනය වඩාත් හොඳ කර ගැනීමට එය හේතු වෙනවා. මන්ද හිස් දෙකක් එක් හිසකට වඩා ගැටලු සහ විසඳුම් දකින නිසා.

ලෝකයට සැමවිටම නවෝත්පාදකයින් සහ නිර්මාණකරුවන් අවශ්‍යයි. ඔබ කුමන මට්ටමේ දෙයක් කරමින් සිටින්නෙකු වුවත්, ඔබට මේ ලෝකයට පිරිනැමීමට/ දායාද  කිරීමට බොහෝ දේ ඇති බව  ඔබ විශ්වාස කරන්න. එම විශ්වාසයෙන් යුතුව නවෝත්පාදනයෙහි යෙදෙන්න .

 

You may also like

Leave a comment