විවිධත්වය

Diversity

 

ලෝකය සුන්දර කරන විවිධත්වය.

 

විවිධ පුද්ගලයින් සමඟ වැඩ කරන්න ඔබ උනන්දුවක් දක්වනවාද?  අන් අයව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට තිබෙනවා නම් හොඳයි නේද ? ඒ වගේම ඔබ විවිධ පුද්ගලයින්ගේ විවිධත්වයන්ට  හා විවිධ අදහස් වලට ගරු කරනවාද ? එසේ නම්, ඔබ දැනටමත් විවිධත්වයට අගය කරන කෙනෙක්.

 

විවිධත්වය යනු කුමක්ද?

 

විවිධත්වය ඒ ඒ පුද්ගලයින් හැදුන වැඩුන පසුබිම, ඔවුන්ගේ අදහස්, ජාතිය, සංස්කෘතිය  හෝ ස්ත්‍රී  පුරුෂ සමාජභාවයන් මත නිර්මාණය වන්නක්. පුද්ගල විවිධත්වයන්  පිළිබඳව සැලකිලිමත් වීම  හා විවිධත්වයකින්  යුතු පුද්ගලයින් සමඟ කටයුතු කිරීම අපගේ අත්දැකීම් වැඩි කරගන්න හා ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක්  අපට ලබාගන්න හේතු වෙනවා . විවිධත්වය  පිළිගැනීමට නොහැකි වීම හා  එයට ගරු නොකිරීම  ඕනෑම කණ්ඩායමකට හෝ ප්‍රජාවකට  අහිතකර වන අපහසුතා  හා අසතුටට හේතු වන කරුණු නිර්මාණය වීමට හේතු වෙනවා. ඔබ විවිධත්වයට ගරු කරන අයෙක්නම්,  කෙනෙක් ජීවත්වන ප්‍රදේශය  හෝ වෙනත් සාධක මත පදනම්ව ඔබ කිසිවෙකුට වෙනස් අකාරයෙන් සලකන්න යන්නේ නැහැ. විවිධත්වයට ගරුකිරීම තුලින්,  අපි අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට සමාන අවස්ථා සහ නීතිමය රැකවරණය ලබා දීමටත් කැපවීම අපේක්ෂිතයි.

ඉතාම සරලව කියනවා නම් අපි පුද්ගලයෙක්ගේ ජාතිය, ආගම, උපන් ප්‍රදේශ ආදී කරුණු මත ඔවුන්ව වර්ගීකරණය කරන්න යන්නෙත් නැහැ. ඒ මත ඔවුන් සමඟ වැඩ කරන ආකාරයේ වෙනසක් කරන්නෙත් නැහැ. ඔවුන්ට විශේෂ  දෙයක් දීම හෝ ලැබෙන්න තියෙන දෙයක් නොදී ඉන්න එය හේතුවක් කරගන්නෙත් නැහැ. ඔවුන්ව කොන් කිරීමකට හෝ ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීමක් අප අතින් වන්නෙත් නැහැ. අපි ඒ ඒ පුද්ගලයින්ගේ විවිධත්වයන්ට ගරු කරමින් ඔවුන් සමඟ එකට වැඩ කරනවා. ඔවුන්ද අපේ කණ්ඩායමේ කොටසක් ලෙස අපි පිළිගන්නා අතර, විවිධත්වය ශක්තියක්ය යන අදහස අපි පිළිගන්නවා.

 

අභියෝග ජය ගන්න රැකියා ස්ථානයට  විවිධත්වය.

 

රැකියා ස්ථානය තුල විවිධ දේශපාලන පසුබිම්, ලිංගික දිශානතීන්, ජාති, ස්ත්‍රී පුරුෂභාවය, වයස, ආර්ථික පසුබිම සහ ආගම්  වලින් විවිධත්වයකින් යුතු පුද්ගලයින් ඇතුළ්කර ගැනීම කාර්යාල පරිසරය  විවිධාංගීකරණය කිරීමේ පළමු  පියවරයි. ඒ වගේම, විවිධත්වයට  ගරු කිරීම, තීන්දු තීරණ ගන්නා අවස්ථාවල  ඔවුන්ද හවුල් කරගැනීමට ඔබ කටයුතු කරන්න ඕනෙ. විවිධත්වය පිළිගැනීම මඟින්   ඔවුන්ට ගරු කිරීමටත් ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමටත් අපි පෙළඹෙනවා. විවිධත්වයකින් යුතු  පුද්ගලයින් අපේ කණ්ඩායම්වලට සම්බන්ධ කර ගැනීම මඟින් ඔබ ,“වෙනස් කොට සැලකීම”  ඉක්මවා යමින්  විවිධත්වයට ඉඩ දී ඇති බව, ඔබ  ලෝකයට ප්‍රායෝගිකව පෙන්නුම් කරනවා.

සේවා ස්ථානය සැබැවින්ම විවිධත්වයකින් යුතු කිරීම හා සියල්ලන්ගෙන් සමන්විත කණ්ඩායම්  නිර්මාණය කිරීම,සාමාජිකයන් අතර වඩා හොඳ සබඳතා ඇති කරවන අතර සේවා ස්ථානයේ ඵලදායිතාව සහ ලාභයද ඉහළ නංවනවා. සෑම සාමාජිකයෙකුම පිළිගැනීමට ලක්වන, සතුටින් වැඩ කරන කණ්ඩායමක් ඵලදායී හා ලාභදායී කාර්යාලයක් නිර්මාණය කරනවා. එම නිසා කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම පිළිගැනීමක් ලබාදීම හා ඔවුන් කණ්ඩායමේ කොටස්කරුවන් ලෙස පිළිගැනීම වැදගත්.

 

විවිධත්වයේ මූලිකාංග. 

 

■          තමා ද කණ්ඩායමේ කෙනෙකුය  යන හැඟීම ඇතිවන ලෙස සෑම කෙනෙකුටම කණ්ඩායම තුල පිළිගැනීමක් ලබාදෙන්න.

■          ප්‍රථමයෙන් ඔබ ආදර්ශමත් නායකයෙක් වන්න. ඔබ, ඔබට වඩා හෝ ඔබේ කණ්ඩායමේ අනෙක් අයට වඩා වෙනස් අයට, ඔබ හොඳින් සලකන ආකාරය ඔබට ආදර්ශයෙන්ම පෙන්වන්න පුළුවන් .

■          සමහර පුද්ගලයින් ඔවුන්ගේ පෙනුම හෝ  පසුබිම මත විශේෂ වාසි හෝ අවස්ථා අත්කරගන්නා අවස්ථා තිබෙන්න  පුළුවන්. එයට ඉඩ තබන්න එපා.

■          කණ්ඩායමේ ඉන්න විවිධ අයගේ විවිධ අදහස් වලට සවන් දෙන්න. ඔවුන් සියල්ලන්ම  කණ්ඩායමේ කටයුතුවල කොටස්කරුවන් කරගන්න. එය ඔබට ප්‍රශ්නය දෙස විවිධ පැතිකඩ වලින් දකින්න උදව් වේවි.

■          අවශ්‍ය නම් විවිධත්වය සඳහා ප්‍රතිශත තබාගැනීම කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබේ කාර්යාලය සඳහා පිරිමි අය හා කාන්තාවන්  කොපමණ ප්‍රතිශත වලින් බඳවා ගන්නවා ද කියලා. එය සේවාමය අවශ්‍යතාවය  මත මිස යම් පිරිසකට විශේෂකොට සැලකීමක් නොවිය යුතුයි.  තෝරාගැනීමේ තීරණ ගැනීම  සඳහා විවිධත්වය හේතුවක් කරගැනීම සුදුසු නැහැ.

■          තීරණ ගැනීමකදී ඔබ එක් වරක් පමණක් විවිධත්වයෙන් යුතු අය සම්බන්ධ කරගැනීම ප්‍රමාණවත් නැහැ. එය  එදිනෙදා ක්‍රියාවලියේ කොටසක් විය යුතුයි. හැකි සෑම විටම ඔවුන් සම්බන්ධ කරගන්න. ඕනෑකමින් ඔවුන් අතහැර වැඩ කරනවාය යන හැඟීම ඇතිවෙන්න දෙන්න එපා. එය අවාසි සහගතයි.

■          කණ්ඩායමේ කොටසක් වීමට ලැබීම සතුටු වන සහ යම් යම්  සාධකයන් මත පදනම්ව හිංසා පීඩාවට ලක්වීමට  හෝ “වෙනස් කොට සැලකීමට  ලක්වේය යන  බිය” නැති පරිසරයක් නිතරම නිර්මාණය කරන්න.

 

විවිධත්වය  යනු සෑම අයෙකුටම  ගැලපෙන ආකාරයට පත් වීමක්  නෙමෙයි. සෑම කෙනෙකුටම තමන්ගේ ආකාරයට කණ්ඩායම සමඟ සම්බන්ධ වී එහි කොටස්කරුවෙකු වීමට හැකියාව ඇතිකර දීමයි.

You may also like

Leave a comment