සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීම

Communication & Presentation

 

සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීම සබඳතා ගොඩනඟාගැනීමේ කලාවයි.

ඔබ වෙනත් පුද්ගලයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ ක්‍රම සොයමින් සිටිනවාද? ඔබට අන් අය සමඟ වඩාත් අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍යද? අප ජීවත්වන ලෝකය වඩ වඩාත් විවෘත වෙමින් පවතින අතර,  අපට එකිනෙකා සමඟ වඩා හොඳින් සම්බන්ධ  වීමේ අවශ්‍යතාවය ඇතිවීම ඉතා ස්වභාවිකය.

 

සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීම යනු කුමක්ද?

සන්නිවේදනය කියන්නේ  අපි වචන වලින්, ලිඛිතව, සලකුණු සහ හැසිරීම මඟින්  වෙනත් අයෙකුට  පණිවිඩයක් ලබා දෙන ආකාරයයි. ඉදිරිපත් කිරීම් මඟින් ඉතා සංකීර්ණ තොරතුරු අපට  ඉතා පහසුවෙන්  “ඉදිරිපත් කිරීමට” හෝ කුඩා කොටස් වශයෙන් සරලව පෙන්වීම කරන්න පුළුවන්. කාර්යාලයේදී  ඔබගේ  පණිවිඩය වඩා හොඳින්  ලබාදීම සඳහා පාවිච්චි කළහැකි  විවිධ තාක්ෂණික මෙවලම් දැන් තියෙනවා. “ඉදිරිපත් කිරීම්” වඩාත් ජනප්‍රිය වන්නේ  එහි පවත්නා  විවිධ පහසුකම් හා උපාංග හරහා  අපට  පැවසීමට අවශ්‍ය දේ  වඩාත් පහසුවෙන් හා ප්‍රබලව අනෙකාට හොඳින්  තේරුම් ගන්න පුළුවන් අකාරයෙන්  ප්‍රකාශ කළහැකි නිසා.

 

සන්නිවේදනය කරන්නේ කෙසේද?

අපි පළමුව “සන්නිවේදනය” කළ හැකි මාර්ග තේරුම් ගනිමු. අපිට කෙනෙකුට කියන්න අවශ්‍ය පණිවිඩය වාචිකව, අවාචිකව,  දෘශ්‍ය  හෝ ලිඛිත යන මාර්ග වලින් කරන්න පුළුවන්. සන්නිවේදනයේදී සන්නිවේදනය කරනු ලබන පණිවිඩය ඒ ලෙසින්ම නිවැරදිවම අනෙක් පාර්ශවය (ලබන්නා) වටහා ගන්නවද? නැතිනම් එය වෙනස් (විකෘති) වෙනවාද ? යන්න,  පණිවිඩය යවන්නා , එය ලබන්නා , යවනු ලබන මාධ්‍යය මත තීරණය වන්න පුළුවන්.  ලබන්නා  දක්වන ප්‍රතිචාරය තීරණය වන්නේ, පණිවිඩය සන්නිවේදනය වූ (තේරුම් ගත්) ආකාරය මත. ඔබ කවර ආකාරයකින් සන්නිවේදනය කළත් එය කිරීමේදී,  පණිවිඩයේ සම්පූර්ණ බව, තොරතුරුවල නිවැරදි බව, ආචාරශීලීභාවය, පැහැදිලිකම, ස්ථාවරබව,  සැලකිලිමත්බව සහ කෙටි බව  ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්නේ ඕනේ.

 

හොඳ සන්නිවේදකයෙකු වීමට නම්, ඔබ පහත සඳහන් කුසලතා කෙරෙහි අවධානය යොමු කළ යුතුයි:

සක්‍රීය සවන්දීම: සන්නිවේදනය කියන්නේ කොතරම් හොඳින් කතාකරන්න පුළුවන්ද කියන එකම නෙවෙයි. හොඳින් “සවන්දීමත්” වැදගත්. ඔබ අයෙක් සමඟ සන්නිවේදනය  කරනා විට , නිතරම  අනෙකාට සවන් දීමට  පුරුදු වන්න. එසේ සවන්දීමෙන්  ග්‍රාහකයාට (ලබන්නා) හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඉන්  ඔබට ඔවුන් සමඟ වඩාත් හොඳින් සන්නිවේදනය කරන්න අවස්ථාව උදා වෙනවා.

මිත්‍රත්වය සහ ගෞරවය:  සන්නිවේදනයේදී  ඔබ නිතරම අනෙක් අය සමඟ මිත්‍රශීලීව හා ගෞරවාන්විතව කතාබහ කරන්න පුරුදු වන්න. ඉන්  අනෙක් අයව  සැහැල්ලු බවට පත්කරනවා. ඒ වගේම සංවාදය බොහෝම ප්‍රසන්න එකක් වෙනවා.

විශ්වාසය සහ වාචික නොවන සංඥා: ඔබ ඔබේ ඉදිරිපත්කිරීම විශ්වාසවන්තව කරන්න. එවිට අනෙක් අයටත් ඒ විශ්වාසවන්ත බව දැනෙනවා. මේ විශ්වාසවන්ත බව ප්‍රකාශ වන්නේ  ඔබේ ශරීර ඉරියව් වලින්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.

ප්‍රතිපෝෂණය සහ ප්‍රතිචාර දැක්වීම: සවන්දෙන්නන්ද  සම්බන්ධ කරගන්න. සාකච්ඡා කළ දෙය ගැන අනෙක් පාර්ශවයේ  අදහස් දැක්වීමට ඔවුන්  දිරිගන්වන්න. ඔබට ඒ සංවාදය ගොඩනඟන්න පුළුවන්, ඔවුන්ගේ අදහස් විමසමින්.  එය, ඔවුන් ඔබ කියනා  දෙය තෙරුම් ගත්තාද? ඔබේ කරුණු දැක්වීම හොඳින් වෙනවාද?, වෙනසක් වෙන්න ඕනෙද? යන තීරණ ගන්න උපකාරී වෙනවා.

 

ඉදිරිපත් කිරීම් පැහැදිලිව සන්නිවේදනය වීමට නම්:

■          ඔබට අනිකාට සන්නිවේදනය කිරීමට ඇතිදෙය, මුලින්ම  ඔබ හොඳින් තේරුම් ගන්න . එවිට  ඔබට එය පැහැදිලිව හා සංක්ෂිප්තව ප්‍රකාශ කරන්න පුළුවන්.

■          පෙරහුරු කරන්න . ඔබේ මිතුරෙකු ඉදිරියේ  ඔබේ ඉදිරිපත්කිරීම කරමින්   “ඔබේ ඉදිරිපත් කිරීම සහ පණිවිඩය” යන දෙකම හොඳින් සකසා ගැනීම සඳහා ඔවුන්ගේ උදව් ලබාගන්න. එය ඔබට ප්‍රබල සන්නිවේදකයෙක් වන්න උදව් වේවි.

■          ශ්‍රාවකයා  දැක්විය හැකි ප්‍රතිචාර සඳහා සුදානම් වන්න. ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? ඔවුන් කුමන ආකාරයේ ප්‍රශ්න අසනු ඇතිද? ඔවුන් ඇසිය හැකි ඕනෑම ප්‍රශ්නයකට හෝ අදහස් දැක්වීමකට  සූදානම්ව සිටින්න.

■          විධිමත් සන්නිවේදනයේදී  ප්‍රේක්ෂකයාගේ සිත් ඇදගන්නා ලෙස හා ඔවුන්ද සම්බන්ධ කරගන්න පුළුවන් වන ලෙස ඔබේ ඉදිරිපත්කිරීම සකසාගන්න. මේ සඳහා ඔබ වැදගත් තොරතුරු  සන්නිවේදනය කරන අතරතුර ඔබේ ප්‍රේක්ෂකයින් ඇඳ – බැඳ තබාගැනීම සඳහා තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්.

■          ඉදිරිපත් කිරීම කරනවිට  සන්සුන්ව, මාතෘකාවට  අදාලව කරුණු දක්වන්න  . සමහර කථිකයන් හොඳින් සුදානම් නොවී “වැල් වටාරම්” කියවනවා ඔබ දැකලා ඇති. එය සුදුසු නැහැ.  ඔබට  කතාව පහසු කරගැනීමට සටහන් සකසා ගන්න . සටහන පුංචි කාඩ් පතක සටහන් කරගන්න පුළුවන්. කොහොම වුණත් මොනවා හරි බලාපොරොත්තු නැති දෙයක් වුණොත් එහෙම කලබල වෙන්න නම් එපා. සන්සුන්ව ඉන්න.

■          ඔබේ ඉදිරිපත්කිරීම කරන අතරතුර ඔබට ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්නත් පුළුවන්  –  ඒ වගේම ඔවුන්ට ඇසීමට ඉඩ දෙන්න . ඒ හරහා ඔවුන්ට ඔබ එක්ක හොඳ සබඳතාවයක් ගොඩනඟාගන්න පුළුවන්. ඔවුන්ට අපැහැදිලි කරුණු කේන්ති  නොගෙන, සන්සුන්ව යළි පැහැදිලි කරන්න. එය ඔවුන්ගේ ඇගයුමට හේතු වෙනවා.

■          ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර ගැන අවධානයෙන් ඉන්න. ඔවුන්ට අපැහැදිලි තැන් තව දුරටත් පැහැදිලි කරන්න. කරුණු වරින් වර සාරාංශ ගත කරන්න. වැදගත් කරුණු යළි යළි සිහිපත් කරන්න. ඉදිරිපත් කළ ප්‍රධාන  කරුණු  සාරාංශ ගතකර අවසන් කරන්න.

■          ප්‍රේක්ෂකයින්ගේ යෝජනා වලට සවන් දෙන්න. ඔබේ ඉදිරිපත්කිරීම වැඩිදියුණු කරගැනීමට උපකාරී වන යෝජනා ඔවුන් තුල තිබිය හැකියි . ඊළඟ වතාවේ ඒවා ඇතුළත් කර ඔබේ ඉදිරිපත් කිරීම සකසා ගන්න පුළුවන්.

 

අන් අය සමඟ ඔබ කරන සියලු අන්තර්ක්‍රියා කරන්නේ සන්නිවේදනය හරහාය . අපට සැමවිටම හොඳින් පැහැදිලිව අවබෝධ වන ලෙස සන්නිවේදන කිරීමට අවශ්‍ය නමුත් එය කරන්නේ  කෙසේදැයි අපි බොහෝවිට දන්නේ නැහැ . වඩා හොඳ සන්නිවේදකයෙකු වීමෙන්, ඔබට  මෙම පරතරය පියවා ගත හැකිය.

You may also like

Leave a comment